මේ දිනවල ඔස්ට්‍රේලියාවේ විස්සයි විස්ස තරගාවලියට සහභාගිව සිටින වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඇන්ටිජන් පරීක්ෂාවකින් ඒ බව තහවුරු වී ඇති බව පැවසේ.
පරාජයට පත්වූ පළමු තරගයේ හොඳම පන්දු යවන්නා වූයේ බිනුරය.
ප්‍රහාරාත්මක ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට එරෙහිව බිනුර පන්දුවාර හතරේදී ලකුණු 12ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳහෙළිමට සමත්විය.










