MullenLowe – Sri Lanka සහෝදර දැන්වීම්කරණ ආයතනය වන LoweLintas, MullenLowe Group-Sri Lanka යටතේ පසුගියදා ආරම්භ කරන ලදී. මෙම ආයතන දෙකම එකම ආකාරයේ වෙළෙඳ නාම සන්නිවේදනයේ යෙදෙන Lintasහි ආයතන දෙකක් ලෙස කටයුතු කරනු ඇත. 2000 වසරේ සිට ලොව පුරා Lowe නාමය යටතේ කටයුතු කරන Lintasisa ගෝලීය නිර්මාණාත්මක ආයතනය දැන්වීම්කරණ ක්ෂේත්රයේ වසර 120ක කාලයක් කටයුතු කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ජාලය Mullen සමඟ එක් වීමෙන් පසු 2015 වසරේ සිට MullenLowe යන නව නාමයෙන් කටයුතු කරන ලදී. මෙම ජාලගත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම්ද ලොව පුරා රටවල් 65ක කාර්යාල 90කට වැඩි ප්‍රමාණයක් සමඟ සිය අනන්‍යතාව තහවුරු කර ගනිමින් කටයුතු කරනු ලබයි.
වසර 4ක කාලයකට පසු MullenLowe Sri Lanka සිය සහෝදර ආයතනය ලෙස LoweLintas සමඟ එක් වෙමින් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට කටයුතු කරන ලදී. මෙම ආයතන දෙකම එකිනෙකට ස්වාධීනව කටයුතු කරනු ඇත.