කුලියාපිටිය නගර මධ්‍යයේ ඊයේ (12) පැවැති මහජන රැලියට පැමිණ සිටි වාර්තාගත ජනකාය දැකීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තැබීමට කටයුතු කොට ඇත.
‘ස්තූතියි කුලියාපිටිය! එක්ව ඉදිරියට!! අපේ විප්ලවය ඇරඹුණා!!!” යනුවෙන් එහි සටහන් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
මෑත කාලයේ කුලියාපිටිය නගරයේ පැවැති රැස්වීමකට සහභාගී වී තිබුණු වැඩිම ජනතාව ලෙස මෙම රැස්වීම වාර්තා පොත් අතරට එක් වී ඇත.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කුලියාපිටිය නියෝජනය කරමින් මෙම රැස්වීම සංවිධාන කිරීමට පියවර ගෙන තිබුණි.