ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp Hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් Central Medical Centre හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි. මෙම නව හවුල්කාරිත්වය හරහා 132 එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ජනතාව සඳහා දැරිය හැකි මිලකට උසස් තත්වයේ මූලික සෞඛ්‍ය සේවා ලබා ගත හැකි වනු ඇත.
අභියෝගාත්මක ආර්ථික පසුබිම තුළ Medihelp රෝහල් සමූහය සිය සේවා ජාලය රට පුරා ව්‍යාප්ත කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීම සඳහාය. Medihelp රෝහල් සමූහය Central Medical Centre ප්‍රතිසංස්කරණය කර නවීනතම වෛද්‍ය උපකරණ සහ පහසුකම් සමග ඊට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. නුගේගොඩ Medihelp hospitals වෙතින් ලබාගත හැකි සේවාවන් පිළිබඳ වැඩි විස්තර 0112 281281 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.
වසර ගණනාවක් පුරා Medihelp රෝහල් සමූහය එහි සේවාවන් රෝගීන්ගේ රෝගී තත්වයන්ට ගැළපෙන අයුරින් උපරිම සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් කණ්ඩායමක් යොදවා ඇත. Medihelp රෝහල් සමූහයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් හේතුවෙන් රෝගීන් අතර අංක එකේ තේරීමක් බවට මේ වන විට පත්ව ඇත.
Central Medical Center (Pvt) Ltd හි සභාපති සහ වෛද්‍ය අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය සරත් පරණවිතාන මහතාට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වසර 45 කට වැඩි පලපුරුද්දක් ඇති අතර MBA උපාධි දෙකක් හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විශේෂඥ වෛද්‍යවරයා ඔහුයි. ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය සේවා පිළිබඳ ඵඊ් උපාධියක් සහ එක්සත් රාජධානියේ Cardiff Metropolitan University වෙතින් MBA උපාධියක් ඔහුට හිමිය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් පවුල් සෞඛ්‍ය, ළමා සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ MD උපාධියක් ලබා ඇත.