ක්‍රිකට් තරම් මේ රටේ ජනතාවගේ හදවතට සමීප වුණු ක්‍රීඩාවක් තවත් නැති තරම්ය. 1996දී ICC ලෝක කුසලානය දිනාගැනීමත් සමගම මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු විණි. එම ජයග්‍රහණයත් සමගම මේ රටේ ක්‍රීඩා ලෝලීන් තුළ ක්‍රිකට් ගැන තිබුණු ඇල්ම සහ ආකර්ෂණය කිහිපගුණයකින් වැඩි වුණා යැයි කිවහොත් එය නිවැරදිය. 2007, 2011 යන වසරවල ICC ලෝක කුසලාන අවසාන මහා තරගය සඳහා වරම් දිනාගැනීම, 2014 වසරේදී ICC T20 ලෝක කුසලානය දිනාගැනීම, 2002 වසරේදී ICC ශූරයන්ගේ කුසලානය දිනා ගැනීම, 1986, 1997, 2004, 2008, 2014 යන වසරවල දී ආසියානු කුසලානය දිනාගැනීම වැනි ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් සමග ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එමෙන්ම ලොවක් මවිත කළ, ලොවේම ගෞරවය දිනාගත් ශ්‍රේෂ්ඨ ක්‍රීඩක චරිත ගණනාවක් ශ්‍රී ලංකාව නමැති කුඩා දිවයිනෙන් බිහිවූ අතර, අනාගතයේදී පවා බිඳලිය නොහැකි වාර්තා ගණනාවක් තම නාමය ඉදිරියේ සනිටුහන් කිරීමට ඔවුන් සමත්වුණු බව දැඩි අභිමානයෙන් පැවසීමට හැකිය. දශකයකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව මෙවර T 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ‘අපේ කොල්ලෝ’ නමින් තේමා ගීතයක් නිර්මාණය කෙරිණි. අපේ ක්‍රිකට් ක්‍රීඩාව නිරන්තරයෙන්ම සංගීතය සමග බැඳී තිබෙන බව පැවසුවහොත් නිවැරදිය. එමෙන්ම අපේ බොහෝ ක්‍රිකට් ජයග්‍රහණ සමරා තිබෙන්නේද ගීතයෙනි. එකම ජාතියක්, එකම සහෝදර කැලක් ලෙස මෙරට සියලුම ජනතාව ඒකාරාශී කිරීමට සමත් වූ ක්‍රිකට් මෙන්ම, මෙම ගීතයත් ජනතාව අතර වඩාත් ජනප්‍රියවී තිබේ. ‘අපේ කොල්ලෝ’ ගීතය YouTube හි ටේරන්ඩින් වීමම මෙරට තරුණ පරපුර මෙම ගීතය වැලඳගත් බවට හොඳ සාක්ෂියකි.