• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සංචාරක ක්ෂේත්‍ර ප්‍රගමනය උදෙසා Loon Tao අවන්හල විවෘත වෙයි! Sri Lanka Latest News

February 1, 2025
in Business
Reading Time: 5 mins read
A A
සංචාරක ක්ෂේත්‍ර ප්‍රගමනය උදෙසා Loon Tao අවන්හල විවෘත වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට ඉවහල් වීමේ පරමාර්ථයෙන් නවතම සුපිරි අවන්හලක් පසුගියදා ගල්කිස්සේ මුහුදු තීරයේදී විවෘත කරන ලදී. Loon Tao (ලූන් ටාඕ) යන නාමයෙන් නම්කර ඇති මෙම සුපිරි අවන්හල ගල්කිස්සේ කොලේජ් ඇවනිව් අවසානයෙහි ඇති මුහුදු තීරයෙහි පිහිටා ඇත. පසුගිය කොවිඩ් වසංගත සමයේදී මෙම අවහන්හල වසාදමා තිබූ අතර, ඉන් පසුව උද්ගත වූ ආර්ථික අර්බුද සමය කාලයේදීත් එය ක්‍රියාත්මක වූයේ නැත. එසේ වූයේ එම සමය තුළදී මෙරට සංචාරක කර්මාන්තය ඉතා දරුණු ලෙස පරිහානියට පත්ව තිබීම නිසාය. කෙසේ හෝ නැවත පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවූ හෙයින් මෙලෙස විවිධ සංචාරක ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලැබුවේය. Sri Lanka Latest News

මෙවැනි වටපිටාවකදී පසුගියදා නැවත නවීකරණය කරමින් ආරම්භ කරන ලද Loon Tao අවහන්වල තුළ මේ වනවිට එකවර අමුත්තන් 350ක විශාල ප්‍රමාණයකට සේවා සැපයිය හැකිය. චීනයෙන් ගෙන්වා ගත් විශේෂඥ චීන සූපවේදියකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම අවහන්හලේ සියලු ආහාර පිළියෙල කෙරෙන අතර, එහිදී චීන සූපශාස්ත්‍ර ක්‍රමය මෙන්ම තවත් සූපශාස්ත්‍ර ක්‍රම හරහා ආහාර පිළියෙල කෙරෙයි. මේ අනුව ඉතා ප්‍රවීණ ලෙස සකස් කරනු ලබන විශේෂිත ආහාර වර්ග රැසක් අමුත්තන්ට ලබාගත හැකිය. දේශීයව ලබාගන්නා මුහුදු ආහාර වර්ග රාශියක් මේ අනුව රස විඳිය හැකිය. මේ අතරම Loon Tao අවන්හලෙහි ආහාර ලබාගැනීම්වලට අමතරව පුද්ගලික රැස්වීම්, ආයතනික සිදුවීම් මෙන්ම වෙනත් සැමරුම් අවස්ථා සඳහාද අවස්ථාව හිමිවෙයි. මෙම අවන්හල මගින් පිටතට ආහාර ගෙන යෑමේ සේවාවක්ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ගල්කිස්ස ‘රන් සැතපුම’ (Golden Mile) නමැති විරුදාවලිය ලත් සුන්දර මුහුදු තීරයේ පිහිටා තිබෙන මෙම නවීන අවන්හල හරහා පාරිභෝගිකයන්ට අමුතුම සුන්දර අත්දැකීමක් ලබාගැනීමට හැකිවනු ඇත. මෙම ‘ලූන් ටාඕ’ අවන්හල විශාල මහල් දෙකකින් සහ අනෙකුත් සියලු පහසුකම්වලින්ද සමන්විත වෙයි. සංචාරක සත්කාරක සේවයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වන ඩිලාන් ආරියවංශ මහතා මෙම අවන්හලේ අයිතිකරුවා වන අතර, ඔහු එම ව්‍යාපාරයේ සභාපතිත්වයද දරයි. මෙම අවන්හලෙහි කළමනාකාර අධ්‍යක්ෂ ධුරය අංජලෝ මෙන්ඩිස් විසින් දරන අතර, ප්‍රධාන විධායක නිලධාරී තනතුර ශානිකා පෙරේරා විසින් දරයි. Loon Tao අවන්හල පසුගියදා විවෘත කිරීම උදෙසා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද එහිදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ශිෂ්‍යත්වෙන් එක පන්තියෙ 24ක් පාස් කරපු ගොඩනැගිලි දෙකක් විතරක් තියෙන පුංචි ඉස්කෝලෙට ‘මව්රට’ ගිය ගමන! Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ ආධාර නැවැත්වීමෙන් ලංකාවට මොනවා වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.