ePOS සේවාව හඳුන්වා දෙමින් ඩිජිටල් රක්ෂණ ක්ෂේත්‍රය පෙරළියකට ලක් කරයි
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් (LOLC GI) සමාගම, අසමසම ප්‍රතිලාභ රැසක් සමගින් Honours ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දෙමින් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව ජීවන ශෛලීය සේවාවක් බවට පත්කර තිබේ. මීට අමතරව ප්‍රථම වරට ඩිජිටල් රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ ජාලය වන ඉලෙක්ට්‍රොනික POS සේවාවද හඳුන්වා දෙමින් එම සමාගම මෙරට ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රය පෙරළියකට ලක්කර ඇත.
LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම හඳුන්වා දෙන ලද නවතම Honours ජීවන ශෛලිය ලෝයල්ටි වැඩසටහන, පාරිභෝගික ජනතාවට පහසු සහ තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා විශේෂයෙන් හඳුන්වාදී ඇති පහසුකමකි. ඒ අනුව ළෙන්ගතු පාරිභෝගිකයන් හට Classic, Silver, Bronze සහ Platinum ලෙස කාණ්ඩ හතරක් යටතේ දිනපතා ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු කෙරේ.
මෙම පහසුකම යටතේ, සියලු LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෝටර් රක්ෂණ හිමියන් හට Channel 17 (CH17) ජාලය හරහා අගනා වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙරට ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම Reward-Back පහසුකම යටතේ පිරිනැමෙන වට්ටම්/ලෝයල්ටි ප්‍රසාද ලකුණු මගින් පාරිභෝගිකයන් හට රක්ෂණ වාරිකය ගෙවීමේදී දැරීමට සිදුවන පිරිවැය සහ සහ තවත් පිරිවැය වෙනුවෙන් සහනයක් ලබාදීම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණයි.