දින 50කට අධික කාලයක් රැදවුම් නියෝග මත තබාගෙන සිටින අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේගේ මවගේ සැපදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේදී දඹානේ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් තිබේ.
එහිදී විපක්ෂනායකවරයාට අසල්වාසීන්ගෙන් දැනගන්නට ලැබී ඇත්තේ පවතින තත්ත්වය මත වසන්ත මුදලිගේගේ මව ඇතුලු ඥාතීන් දඹානේ නිවසින් පිටව ගොස් ඇති බවකි.
ADVERTISEMENT
එම පවුලේ ඥාතීන් සිටින තැනක් නොදන්නා බව අසල්වැසියන් විසින් විපක්ෂනායවරයාට දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.
ඊයේ දිනයේදී මහියංගන ප්‍රදේශයේ පැවැති රැස්වීම් මාලාවක් අතරතුර මෙසේ විපක්ෂනායකවරයා දඹාන ප්‍රදේශයට ගොස් ඇති බවද වාර්තා වේ.