මෙරට දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම COVID-19 වසංගතය මධ්‍යයේ තම රැකියා කටයුතු සිදුකිරීමේදී නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින පින්තාරුකරුවන්ට හා ආලේපනකරුවන්ට අත්වැලක් වීම සඳහා සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේය. විශේෂයෙන්ම මේ කාලය තුළදී තම පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටලු මොනවාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් සමාගම සතුව පැවතීම නිසා මෙම ප්‍රජා සත්කාරය අතිශයින් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සමාගමට හැකියාව ලැබිණි.
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා කටයුතුවල යෙදීමට නොහැකි වූ, පින්තාරු හා ආලේපන කර්මාන්තවල ශිල්පීන්ට අත්වැලක් විය හැක්කේ කෙසේද යන්න සොයා බලා, තම ප්‍රවර්ධන ආයතනය සමග එක්වී ඒ සඳහා විධිමත් සැලසුමක් සකස් කිරීමට JAT Holdings කටයුතු කළේය. මෙම පින්තාරුකරුවන්ට හා ආලේපනකරුවන්ට නැවත තම රැකියා කටයුතු ආරම්භ කිරීම සඳහා උසස් තත්ත්වයේ JAT නිෂ්පාදන ලබාදීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී තිබිණි. COVID-19 අර්බුදය ආරම්භ වීමෙන් පසුව ජනතාව අතර ඩිජිටල් මාධ්‍ය බෙහෙවින් ජනප්‍රිය වීම නිසා මෙම මාධ්‍ය භාවිතා කරමින් සුවිශේෂී ත්‍යාග වැඩසටහනක් ආරම්භ කිරීමට JAT Holdings කටයුතු කළේය. මෙහිදී මිලියන 2කට අධික පිරිසකට එම වැඩසටහන දැකගැනීමට අවස්ථාව ලැබී තිබුණු අතර, පින්තාරුකරුවන් හා ආලේපනකරුවන් සමග පණිවිඩ 500,000කට අධික සංඛ්‍යාවක් හුවමාරු කර ගැනිණි.











