පැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කළේය.
තිරසාර ක්‍රම හරහා, ජීවනෝපායන් නඟාසිටුවීමේ පැල්වත්ත ආයතනික දර්ශනය ඉදිරියට ගෙන යාමේ අරමුණින් මෙය සිදුකරන ලදී. මාර්තු මස අවසන් සතියේ ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාව 2022 අප්‍රේල් 01 වැනි සතියෙන් අවසන් විය.
සම්මන්ත්‍රණවලදී විශේෂයෙන් ගණිතය කෙරෙහි අවධානය යොමුකරන ලද්දේ සිසුන් බොහෝ දෙනෙකු එම විෂය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වූ හෙයිනි. අවශ්‍ය අවස්ථාවේදී මෙම සිසුන්ට උපකාර කිරීමට මුලපිරීම මගින් පැල්වත්ත, වගකිවයුතු සන්නාමයක් බවට පත්විය.