ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනාවක් කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ඉකුත් 18 වැනිදා යෝජනාවක් සම්මත කරගෙන ඇත.
මෙම යෝජනාවේ අන්තර්ගත සාවද්‍ය තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කරන බව කී විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා, එහි අන්තර්ගතය හා කැනේඩියානු රජයේ ස්ථාවරය වන ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට, කිසිවක් අනාවරණය වී නැතැයි ද සඳහන් කළේය.