රුපියල් මිලියන 2.4ක් පමණ වටිනා Mahindra Mojo අධිබලැති යතුරුපැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය.
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත මෙම යතුරුපැදි දෙක පොලිස් මූලස්ථානයේදී පසුගියදා ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරනු ලැබිණි.
300cc එන්ජින් ධාරිතාවයෙන් යුත් මෙම Mahindra Mojo යතුරුපැදි දෙක ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ අවස්ථාවන් සඳහා යොදාගැනීමට නියමිත අතර ඊට අවශ්‍ය නවීකරණ කටයුතුද අයිඩියල් චොයිස් වෙතින් සිදුකර තිබේ.
අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා පොලිසිය සමග ඉතා දීර්ඝ කාලක සිට සහයෝගයෙන් කටයුතු කරන අතර එය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම යතුරුපැදි දෙක ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදෙන ලදී.