ආණ්ඩුව ඩොලර් බිලියන දෙකහමාරක ණය මුදලක් ගැනීමට සූදානම් වන බවත්, ඒ සදහා ඩොලර් මිලියන 175ක මුදලක් කොමිස් වශයෙන් ගෙවීමට සූදානම් වන බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා කියා සිටියේය.
මෙම ණය ගැනීමට සූදානම් වන්නේ කොන්සෙට් ග්ලෝබල් නම් ආයතනයක හිමිකරු වන කෙනට් ඩිලාමොට් නැමැත්තකුගෙන් බවද ඒ මහතා කියා සිටියේය.
නමුත් මෙම කොන්සෙට් ග්ලෝබල් ආයතනයේ ලිපිනය රාජගිරියේ බවත්, එහි ගොස් බැලූ විට දැකගන්නට ලැබුණේ නිවසක් බවත් ඒ මහතා හෙළිදරව් කළේය.










