ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ අනුග්‍රහයෙන්, ප්‍රජා පොලිස් කොට්ඨාසය හා බියගම පොලිස් ස්ථානය විසින් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වැනිදා බියගම අපනයන ප්‍රවර්ධන කලාපයෙහි DPL සමාගම් පරිශ්‍රයෙහිදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. ප්‍රජා පොලිස් කොට්ඨාසයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා බියගම අපනයන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවන්හි සේවයෙහි නියුතු සේවිකාවන් 350කට අධික පිරිසක් සහභාගි වූහ. ‘කාන්තාවන්ගේ සමාජ සුරක්ෂිතභාවයට නීතියේ රැකවරණය’ යන තේමාව යටතේ පැවති මෙම සැමරුම් උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා සහභාගි විය.











