• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුකන ප්‍රතිමාව නෙළපු ශිල්පියා සමඟ තරගයට ගෝලයා නෙළපු ප්‍රතිමාව…

March 27, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
අවුකන ප්‍රතිමාව නෙළපු ශිල්පියා සමඟ තරගයට ගෝලයා නෙළපු ප්‍රතිමාව…
Share on WhatsAppShare on Facebook

ශෛලමය නිර්මාණකරණයේදී අතීත හෙළ කලාකරුවා කොතරම් විශිෂ්ටදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. රළු පරළු ගල් කුළු ඉතා සියුමැලි මටසිලිටි නිර්මාණ බවට පත්කරලීමේ මනා හැකියාවක් නිපුණතාවක් සහ ඉවසීමක් අතීත හෙළ කලාකරුවා සතුව තිබුණු බව ඔවුන්ගේ නිර්මාණ දෙස බලද්දී පෙනී යන්නේය. එකී ශෛලමය නිර්මාණ අතරේ ශිල්පියාගේ දහඩිය කඳුළු කොතරම් නම් වැයවීද යන්න ගණනය කළ නොහැකි වුවද ඔවුන් කළ ඒ අද්විතීය කාර්යභාරයේ වටිනාකම වර්තමානයේ වැඳුම් පිදුම් ලබන බුද්ධ ප්‍රතිමා දෙස අවධානය යොමුකරද්දී මනා ලෙස පැහැදිලි වේ. එවන් බුද්ධ ප්‍රතිමා අතර විශිෂ්ට ගණයේලා සැලකෙන අනුරාධපුර සමාධි පිළිමය, අවුකන බුදු පිළිමය, පොළොන්නරුව ගල් විහාරයේ පිළිම ආදිය විශේෂයෙන් හඳුන්වා දිය හැකිය.

මේ පිළිම වහන්සේ අතරින් අවුකන පිළිමය ගැන කතා කරද්දී තවත් සුවිශේෂ රහසක් හෙළිවී තිබේ. එනම් ගුරු ගෝල පිළිමය නෙළීමක් සම්බන්ධවය. නැතහොත් පෙරහුරු පිළිම නෙළීමක්ද යන්නත් සැක කළ හැකි කාරණා කිහිපයකි.

නමුත් අවුකන පිළිමයේ නිර්මාණාත්මක ස්වභාවයට ඉතා සමාන අනෙක් පිළිම වහන්සේ හමුවනුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව පිහිටි රැස්වෙහෙර පුරාණ විහාර භූමියෙනි. අතීතයේ රැස්සේරුව නමින් හඳුන්වා ඇති රැස්වෙහෙර පුරාණ විහාරය ක්‍රි.පූ. 250-210 දක්වා අතීතයට දිවයන ඉතිහාසයකට උරුමකම් කියන විහාරයකි. ඒ දේවානම් පියතිස්ස රජුගේ රාජ්‍ය පාලන යුගයයි. කඳු පන්තියකින් සමන්විත පරිසර පද්ධතියක් ඇසුරේ නිමැවුණු රැස්වෙහෙර විහාර සංකීර්ණය තුළ ලෙන් 59ක් හමුවී ඇති බව පැවසේ. ඒ අතර පුරාණ බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි 14ක් හමුවීමම සුවිශේෂ කාරණාවකි. අතීතයේ මෙරට විහාරාරාම නිර්මාණ ශිල්පියා සතු විශිෂ්ට කලා කුසලතාවන් හැකියාවන් කියාපාන සිරිපතුල් ගල්, පියගැටපෙළ, පොකුණු, සක්මන් මළු ආදිය මෙම විහාරය ඉදිකරන සමයේ තිබූ නිර්මාණශීලීත්වය මනාව ඔප්පු කරවයි.

මෙම පුරාණ විහාරයට රැස්වෙහෙර යන නම යෙදීම සම්බන්ධයෙන්ද විශේෂ ජනප්‍රවාද කිහිපයක් වෙයි. ඉන් එක් පුරාවෘත්තයකට අනුව දෙතිස් ඵල බෝධියක් මෙහි රෝපණය කර ඇති අතර එම බෝධීන්වහන්සේ රැස් විහිදුවීම නිසාම රැස්වෙහෙර යන නම ලද බවක්ද පැවසේ. එහෙත් තවත් ජනප්‍රවාදයකට අනුව රහින ලද ගලක් ඇසුරෙන් බුදු රුවක් නිර්මාණය කළ නිසා රැස්සේරුව වී පසුව රැස්වෙහෙර වූ බවටද අනුමානයක් වෙයි. කෙසේ නමුත් රැස්වෙහෙර පුරාණ විහාරයේ සුවිශේෂම නිර්මාණය සේ සැලකෙනුයේ නෙළන ලද හිටි පිළිමයයි. ගල් පර්වතය ඇතුළුට නෙරා ඒ තුළ හිටි පිළිමය මතුකිරීමට නිර්මාණ ශිල්පියා කටයුතු කර ඇති අතර පිළිමයේ උස අඩි 39යි අඟල් 4කි. මහසෙන් රජ සමයේ ඉදිකරවූ බවට (ක්‍රි.ව. 274-301) හඳුනාගෙන ඇති මෙම ප්‍රතිමාව මහසේන ප්‍රතිමාව ලෙස ප්‍රකටව තිබූ බවටද ජනප්‍රවාදයේ පැවසෙයි.

අවුකන පිළිමයට ඉතා සමාන ලක්ෂණ පෙන්නුම් කළද මෙම පිළිමයේ මෙන් පද්මයක් මත නොවන නමුත් මෙම පිළිමයේ දකුණතින් අභය මුද්‍රාව නිරූපිතය. සිවුරේ රැලි රළු බවක් පෙන්වා ඇති අතර පාද සතරැස් ස්වභාවයක් ගනී. එසේම එක් කනක් පමණක් අංගසම්පූර්ණව නෙළා ඇති අයුරු දැකගත හැකිය. මෙවැනි කාරණා හේතුකොට ගෙන පිළිමයේ නිර්මාණ කටයුතු අවසන් කිරීමට නිර්මාණ ශිල්පියාට හැකි වී නැති බව පමණක් හඳුනාගත හැකිය.

පිළිමයේ වැඩ අවසන් වීමට ප්‍රථම මහසෙන් රජු මියගිය හෙයින් නිර්මාණ කටයුතුද අතරමඟ නතර කර ඇති බවට මතයක් පවතින නමුත් බොහොමයක් විද්වතුන්ගේ මතය සහ ජනප්‍රවාදවලින් කියැවෙන මතය වන්නේ කලාවැව අබියස ඉදිකෙරුණු සුවිශේෂ නිර්මාණය වන අවුකන ප්‍රතිමාව එතැන නෙළීමට ප්‍රථම එම කටයුත්ත භාරගත් නිර්මාණ ශිල්පීන් පෙරහුරුවක් ලෙස රැස්වෙහෙර විහාර භූමියේ මෙම ප්‍රතිමාව නෙළා, ඊට රජුගේ කැමැත්ත විමසා අඩුපාඩු සකසාගෙන අවුකන ප්‍රතිමාව නෙලූ බවකි.

එහෙත් මේ කතාවට හාත්පසින් වෙනස් කතාවක්ද ජනප්‍රවාදයේ එයි. ඒ අනුව එවක දක්ෂතම නිර්මාණ ශිල්පියා තේරීම සඳහා රජු තරගයක් පවත්වා තිබේ. එහි අවසන් අදියරට තේරී පත්ව ඇත්තේ ගුරුන්ණාන්සේ කෙනකු සහ ඔහුගේ හොඳම ගෝලයාය. මේ දෙදෙනාගේ හැකියාව මැනීම පිණිස ස්ථාන දෙකක පිහිටි ගල් පර්වත දෙකක් ලබාදී ඇති අතර මුලින්ම නිර්මාණය අවසන් කරන්නාට තමන් සතුව තිබූ විශේෂ සීනුවක් නාද කිරීමට උපදෙස ලබාදී ඇත. ඒ අනුව ගුරුවරයා සිය නිර්මාණය අවසන් කර සීනුව නාදකර ඇති අතර, ගෝලයා සිය නිර්මාණ කටයුත්ත එතැනින් නවතා තිබේ.

එසේ අතරමඟ නතර කළද එදා නිර්මාණ ශිල්පියා සතු විශිෂ්ට කලා කුසලතාව අවුකන ප්‍රතිමාවෙන් මෙන්ම රැස්වෙහෙර ප්‍රතිමාවෙනුත් පෙන්නුම් කෙරෙන බව නම් අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ. මන්ද රළු පරළු කළු ගලක් මත වුවද මෘදු මොළොක් බුදු ගුණ මවන්නට තරම් ඔහු දක්ෂ වූ නිසාය. ඔහු ඉවසිලිවන්ත වූ නිසාය. ඔහු ඒ මහා ගුණය දශමයෙන් දශමය රළු කළු ගලක් මත මැවීමට මහා වෙහෙසක් දැරූ නිසාය. දහඩිය කඳුළු සම්භාරයක් වැගිරූ නිසාය.

එහෙයින් ගුරුවරයාද ගෝලයාද යන්න භේදයක් නැත. ඔවුන් මේ නිමවා ඇත්තේ ජීවය පිහිටුවා ඇත්තේ අප තථාගතයාණන් වහන්සේගේ අසීමිත වූ බුදු ගුණයන්ම නොවේද?

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ආණ්ඩුවට එරෙහිව ගෙවල්වලින් ඇහෙන සාප 5ක්! මොකද්ද ඒ සාප 5..? වදීද ඒ සාප 5…! (VIDEO)

Next Post

බියගම අපනයන ප්‍රවර්ධන කලාපයේ කාන්තා දින සැමරුමට HNB FINANCE අනුග්‍රහය දක්වයි…

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.