වසර 20ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLCහි හැටන් ශාඛාව අප්‍රේල් 09 වැනි දින නව තෙමහල් ගොඩනැගිල්ලකට පිවිසියේය. අභිනව ශාඛාව අංක: 167, එම්.ආර්. ටවුන් දික්ඔය පාර, හැටන් යන ලිපිනයෙහි පිහිටා ඇත.
HNB FINANCEහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ පවතින නිරෝධායන නීතිවලට අනුකූලව අභිනව හැටන් ශාඛාවේ සමාරම්භය සිදු කෙරිණි. නව ශාඛාවේ සමාරම්භයට සමගාමීව හැටන්, නගරය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් වූ අතර එහිදී HNB FINANCEහි සේවා පිළිබඳ මහජනතාව දැනුවත් කරන ලදී.











