• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සූ… ඔයා නම් මාර හැඩයි

December 6, 2020
in Heart
Reading Time: 2 mins read
A A
සූ… ඔයා නම් මාර හැඩයි
Share on WhatsAppShare on Facebook

ඔයා තව ටිකක් සුදට හිටිය නම් කොයිතරම් අපූරුද…

ෂාරුක් ඛාන්ගේ එකම දියණිය වූ ‘සුහානා ඛාන්’ සමාජ ජාලා වෙබ් අඩවි හරහා අසීමිත ජනප්‍රියත්වයක් ඇතිකර ගෙන සිටින අපූරු යෞවනියකි.
එලෙසම සුහානා ඛාන් ඉන්ස්ටග්‍රෑම් හරහා නිතර තම සේයාරූ මුදා හරින්නියක වන අතර, ඇය සමඟ එක්ව සිටින ඇයට ප්‍රිය කරන

අනුගාමිකයන්ද සුළුපටු නොවේ. යම් විටෙක එය ඉලක්කම්වලින් දැක්වීමට අපහසු තරම්ය.
පසුගිය දවසක සුහානාගේ තම නවතම ඡායාරූප පෙළ මුදාහැර තිබුණේ ටිකක් විතර වෙනස් ආකාරයකටය. ඒ අලංකාර ඇඳුම් කට්ටලය එක්දහස් නවසිය හැට ගණන්වල ජනප්‍රිය ආසියානු කාන්තාවන් අතර ප්‍රචලිතව තිබූ එකකි. ටයි ගැටයක් සහිත කෙටි බ්ලව්සයක් සමඟ සුළඟට සැලෙන දිගු සායක් එයට අයත්වේ.

ඉතාම අලංකාර පාට සංකලනයක් එම ඇඳුම් කට්ටලයෙහි කැටිව තිබූ අතර, සුහානාගේ ඡායාරූප සදහා එම ඇඳුමට ගැලපෙන සිත්කළු පසුබිමක්ද කැමරා ශිල්පියා විසින් තෝරාගෙන තිබීම ඇසට ප්‍රියදායකව තිබිණ.
පින්තූර සමූහයට පහළින් සුහානා සටහනක්ද තැබුවාය.

මේ අලංකාර ඇඳුම ගැන ඔබේ අදහස කුමක්දැයි නොදැනිමි. නමුත් මේ ඇඳුමට මම ඉතාම ප්‍රියවෙමි. මගේ දයාබර තාත්තාද මේ ඇඳුමට ඉතාම තදින් ප්‍රිය කළ අයෙකි. ඒ එය මම ඇඳපු නිසාම නොව මගේ අම්මාද හිරිමල් කෙල්ලක කාලේ මේ ඇඳුම් මෝස්තරයට තදින් ප්‍රිය කළ නිසාය.

තාත්තා මට කිව්වේ මේ ඇඳුම් විලාසිතාව සමඟ අම්මා හැඩව සිටිය මොහොත ඔහුට කවදාවත් අමතක නොවන වගය. ඒ තරමටම මගේ අම්මා මේ පියකරු ඇඳුම් කට්ටලය හමුවේ සොඳුරු බෝනික්කියක තරම් ලස්සනට සිය පෙනුම එදා අන්‍යයන්ගේ ඇසට හසුකොට තිබුණු වගය.
තාත්තා නිතර එච්චරටම වර්ණනා කරන ඒ ඇඳුම මගේ තාලයට නිම කරවා ගන්නට මටද ඕනෑ විය. මේ සඳහා පාට තොරන්නට මගේ හුරුබුහුටි පුංචි සහෝදරයා ඒබ්‍රහම්ද මට උදව් කළේය.
ඉතින්, මම මේ ඇඳුමට හැඩදැයි කියා ඔබේ අවංක උත්තර පෙළ පවසනවා නම් අගනේය.
සුහානාගේ සටහන නිමවූයේ එතැනින්ය. අවසාන වදන් පේළිය හරහා සුහානා කළ ඉල්ලීමට ඇගේ අනුගාමිකයන් එක්කල කමෙන්ට්ස් දෙලක්ෂයකට අධික විය.

‘ඔබේ පෙනුම ඒ ඇඳුමට නම් අපූරුවට ගම්‍ය වේ’
‘මේ ඇඳුම ඇස ගැටුණු පසුව ඔබට පමණක් නොව ඔබේ දිගු සායටද ආදරය කරන්නට මට සිතිණ’
’සූ… ඔයා නම් මාර හැඩයි’
‘බොහිමියානු කෙල්ලේ ඔබ පලකළ ලස්සනම පින්තූර සමූහය මේ දැයි සිතෙන්නේ මට විතරමද?’

ලක්ෂ ගණනින් වූ කමෙන්ට්ස් අතර සුහානා වෙනුවෙන් පළවූ සමහරක් ඒ විය. අවසාන වදන් පෙළෙහි ‘බොහිමියානු කෙල්ලේ’ යන වදන පටබැඳුණේ විවිධ භාෂාවන් ඉගෙන ගැනීමට තද කැමැත්තක් දක්වන සුහානා මේ දිනවල බොහිමියානු බස හදාරමින් සිටින නිසාය.
මීට සති ගණනකට ඉහත ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාව සමඟ කතාබහක යෙදුණු සුහානා එහිදී ඉතා ගැඹුරින් කතා කර තිබූ කාරණය තුළ ගැබ්ව තිබුණේ සුදු පැහැයට ආසියානුවන් දක්වන කැමැත්ත ඉතාම හිස් අදහසක් බවය.

මගේ සමීපතම මිතුරියකගේ අම්මා කෙනෙකු මට නිතර කියන කතාවක් වේ. ඒ,
‘අනේ සු… ඔයා තව ටිකක් සුදට හිටියා නම් එය කොයි තරම් අපූරුදැයි’ කියාය.
මා තුළ වන තලඑළලු පාටට මගේ සිතේ අකමැත්තක් නොවුවද කිසිවකු ඒ පිළිබඳව අපහසුවක් දැනෙන කතා කියන විට මසිත දුර්මුඛය.

කළු මිනිසුන් විසින්ම කළු පාටට නිග්‍රහ කිරීම යම් විටෙක විහිළුවකි. ඇතැම් කළු මිනිසුන් තමන් කළු පාට යැයි දුක් වෙමින් සුදු පාට සමක් ඇති අය දැක හූල්ලන්නේ ඇයිද කියන එක මට විටෙක ප්‍රහේලිකාවකි. තවත් වරෙක දුකට හේතුවකි.

බොහෝ මිනිසුන් මෙලොවට බිහිවන්නේ විවිධ පැහැයන්ගෙනි. කිසිවකු ඇතකුගේ දළ පාටට හෝ රන් ආභරණවල පැහැය තරමට පාට වුවද ඒ ගැන සිතා තලඑළලු හෝ කළු පාට අය දුක්වීම ලැජ්ජාශීලී යැයි මම තදින්ම අදහමි.

කනගාටුවට කාරණය වන්නේ සමස්තයක් ලෙස ගත් විටෙක කල්ලන් ලෙස ප්‍රකට ඉන්දියානුවන් ගැන ඉන්දියානුවන්ම වූ සමහර සුදු ගැහැනුන් වැදගැම්මකට නැති බස් පැවැසීමය.
ඒ වාගේම තවමත් සුද්දන් කල්ලන් හමුවේ සිය අප්‍රසාදය මුදුන්පත් කරති. විටෙක එහි අරුමයක් නොවේය. ඒ ආසියානුවන් විසින් කළු පැහැයට එච්චර නිග්‍රහයන් කරන්නේ නම් සුද්සන් ගැන මොනවා කියන්නද?

සුහානා ෆිල්ම් ෆෙයාර් සඟරාවට දුන් ඒ කතාව ටිකක් දරුණු වැඩි යැයි ශාරුක් ගෞරි හා රහසේ පවසා තිබුණේ වරක් දෙවරක් නොවේය. අවසන් වතාවට තුන හෝ හතර වැනි වතාවට එය ශාරුක් ගෞරි සමඟ පවසන විටෙක ගෞරි ඛාන්,

‘සුහානා ඔබේ ආදරණීය දූ නොවේද? ඉතින් ඔබම එය ඇයට කියනවා නම් වඩා හොඳය’
යනුවෙන් ශාරුක්ට කීයේ මද සරදම් සිනාවක් සමඟය. එතැනින් පසු ශාරුක් ගෞරි සමඟ ඒ ගැන කතා නොකොට තිබිණ.

‘ඔබ සුහානාට අර කතාව ගැන යමක් කිවුවාදැයි’ කියා ගෞරි පසුගියදා අසන මොහොතේ,
‘නැහැ. මට පස්සෙ හිතුණා සුහානා කතා කළ හැමදේම හරියට හරි යැයි’ කියලා.
ශාරුක් ඉතාම සන්සුන්ව පවසා තිබිණ. ඒ මොහොතේ ගෞරිගේ සොඳුරු මුහුණ මත සිනාවක් ඇදිණ. ඒ සිනාවෙහි යටි අරුත වූයේ සුහානාගේ කතාව ඈ විසින්ද අනුමත කරන වග ශාරුක් හමුවේ පෙන්වීමය.

මෑතකදී සුහානා ඇතුළු ඛාන් පවුල තාවකාලික පදිංචිය සඳහා ඩුබායි රටට පැමිණ සිටියේ ඉන්දියානු ප්‍රිමියර් තරගාවලිය නැරඹීම සඳහාය.

බොහෝ විට බොහෝ තැන්වලදී ඛාන් පවුල එකට එක්කාසු කර තබන සොඳුරුතම සංවිධායිකාව වූයේ සුහානා ඛාන්මය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලේදී සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සන්නාමය

Next Post

HNB FINANCE PLC වැලිමඩ ශාඛාව නව නිවහනකට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.