HNB FINANCE PLC සිය සේවාවන් මහජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා පැවැත්වූ ‘දැනුමෙන් දිනුම’ සේවා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි. මෙහිදී HNB FINANCE වෙබ් අඩවියට ප්‍රවේශ වී සමාගමේ තොරතුරු සහ සේවාවන් ඇසුරෙන් අසන සරල ප්‍රශ්න කිහිපයකට නිවැරදි ලෙස පිළිතුරු ලබා දුන් ජයග්‍රාහකයින් අතුරින් 20 දෙනෙකු සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි තෝරා ගන්නා ලදී. තෝරා ගත් ජයග්‍රාහකයින්ට අදාළ ත්‍යාගයන් ඔවුනට ආසන්නයෙහි පිහිටි HNB FINANCE ශාඛා කාර්යාලයන්ගෙන් නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබා දීමට සමාගම කටයුතු කළේය. සැප්තැම්බර් මාසයේදී දියත් කළ මෙම ඔන්ලයින් ප්‍රවර්ධන වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.
HNB FINANCEහි සේවා මහජනතාව වෙත සමීප කරවීම සඳහා සිදුකෙරෙන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක එක් අදියරක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ‘දැනුමෙන් දිනුම’ ඔන්ලයින් ප්‍රවර්ධන වැඩසටහන හරහා සමාගමේ සේවා, තොරතුරු සහ නව ව්‍යාපාරික අවස්ථා රැසක් උත්පාදනය කර ගැනීමට සමාගමට හැකි වූ අතර විශාල පිරිසක් මෙම ඔන්ලයින් ප්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධ වෙමින් HNB FINANCE හි තොරතුරු සහ සේවා පිළිබඳව දැනුවත් වීම සහ සමාගම සමග සම්බන්ධ වෙමින් එම සේවාවන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීම තුළින් සිය සේවාවන් පිළිබඳව නිර්මාණාත්මක ප්‍රවේශයකින් පාරිභෝගිකයින් ආමන්ත්‍රණය කිරීමට දැරූ උත්සාහය සාර්ථක වී ඇත.











