සහරාන්ගේ බිරිදට තමන් මිලියන 5ක මුදලක් දුන් බව රහස් පොලිස් නිලධාරීන් ඉදිරියේ පිළිගෙන ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ අදාළ කාන්තාව තමන් කිසිදිනෙක දැක නැති බවත්, තමන් කිසි දිනෙක එම කාන්තාවට අරමුදල් සපයා නැති බවත්ය.
එමනිසා එවැන්නක් තමන් පිළිගත් බව සදහන් කරමින් ද්වේෂ සහගත ප්‍රචාරයන් සිදුකිරීම තමන්ගේ කීර්ති නාමය පලුදු කිරීමේ නින්දිත උත්සාහයක් බවද ඒ මහතා පෙන්වා දී ඇත.
ඒ සම්බන්ධයෙන් ඒ මහතා පළ කළ නිවේදනය මෙසේය.

සමාජ මාධ්‍ය ජාලාවල පළව තිබූ පෝස්ට්!!!!












