AIA ඉන්ෂුවරන්ස්, 2018 වසරේ දී දියත් කරන ලද ‘CEO’s Club’ සම්මානය ඔස්සේ, වාර්ෂිකව DFCC බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයුමට ලක්කරනු ලබන අතර සෑම කාර්තුවකදීම මෙම සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. මෙමගින් බැංකුවේ පාරිභෝගිකයින් වෙත AIA ඉන්ෂුවරන්ස්හී රක්ෂණ විසදුම් හඳුන්වා දෙමින් ඔවුන් සිදුකරන්නා වූ විශිෂ්ට කර්තව්‍ය ඇගයුමට ලක් කරනු ලබයි.
Covid-19 වෛරස වසංගතය හමුවේ සැම දෙනා මුහුණ දෙන්නා වූ අභියෝගාත්මක තත්ත්වය යටතේ වුවද DFCC බැංකුවේ සහ AIA ඉන්ෂුවරන්ස්හී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සම්ප්‍රදායට අනුව, පාරිභෝගිකයින් හට රක්ෂණ විසඳුම් ලබා දෙමින් විශිෂ්ට කාර්යසාධනයක් හිමිකරගත් DFCC බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීම සඳහා කටයුතු කරන ලදී. මෙහිදී ජයග්‍රාහකයින් සඳහා පැවති මෙම ‘AIA-DFCC CEO’s Club’ ඩිජිටල් සම්මාන රාත්‍රිය Microsoft Teams ඔස්සේ පවත්වන ලදී. මෙම පුරෝගාමී වැඩසටහන සඳහා එකවිට දිවියින වටා ස්ථාන පහළොවක සිට ජයග්‍රාහකයින් සහභාගි විය.