ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB ෆිනෑන්ස් සිය ඩිජිටල් මූල්‍ය සේවාවන් පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ගෙන යෑම සඳහා ඩිජිටල් මූල්‍ය සේවා සැපයීමේ ප්‍රචලිත සමාගමක් වන Moneyworkz.lk සමගින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.
Moneyworkz.lk වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාවේ සියලුම බැංකු හා මූල්‍ය ආයතනයන්හි සේවාවන් මිනිත්තුවකට අඩු කාලයක් තුළ සැසඳීමට හා අයදුම් කිරීමට ඉඩ සලසයි. කිසිදු අමතර ගාස්තුවකින් තොරව බැංකු සේවාවන් පාරිභෝගිකයන් වෙත ගෙන යෑම මෙහි ඇති විශේෂත්වය වේ.
මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ඩිජිටල් මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් රැසක් හඳුන්වාදී ඇති Moneyworkz.lk සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත් වන අතර මූල්‍ය සේවා සැපයීමේදී අප විසින් සනාථ කර ඇති විශිෂ්ට සේවාව සහ පාරිභෝගික පහසුව වර්ධනය කිරීම සඳහා අපට එළැඹිය හැකි වඩාත් ඵලදායීම සබඳතාව මෙය බව නිසැකවම කිව හැකියි. මෙම නවතම සම්බන්ධතාව තුළ දැනට අප විසින් ලබා දෙන ඩිජිටල් මූල්‍ය සේවා පාරිභෝගික පහසුව තීව්‍ර කරන ආකාරයට ලබා දීම අපගේ අරමුණයි.”
Moneyworkz.lk අන්තර්ජාලය හරහා ඩිජිටල් මූල්‍ය සේවා සපයන ආයතනයක් වන අතර මෙම වෙබ් අඩවිය භාවිත කිරීම තුළ පාරිභෝගිකයන්ට වඩාත් වේගවත්ව සහ කාර්යක්‍ෂමව සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ලබා දෙයි.