එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් විපක්ෂ නායකවරයා වශයෙන් පත් කිරීමට පියවර ගෙන ඇත.
ඊයේ (20) රාත්‍රියේ රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව අද (21) දිනයේදී ඊට අදාළ ලිපිය කතානායකවරයා වෙත යොමු කරනු ඇති බව දැනගන්නට තිබේ.
මෙවර විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග 5 වතාවක් එම තනතුරු ඉසිලූ පළමු පුද්ගලයා ලෙසටද වික්‍රමසිංහ මහතා වාර්තා පොත් අතරට එක්වේ.










