කොළඹ ඉසිපතන විද්‍යාලය මගින් සංවිධාන කරනු ලබන Green Walk 2025 විශේෂ පාගමන 2025 ජුලි මස 12 වන දින ප.ව 2.00 ට ඉසිපතන විද්‍යාලය අසලින් ආරම්භ වීමට නියමිතයි. ඉසිපතන විද්‍යාලයේ 75 වන සවත්සරය නිමිත්තෙන් 2027 වසරේ දී විද්‍යාලය තුල අලුතින් ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණය සදහා සහාය ලබා දෙනු පිණිස මෙම පාගමන සංවිධානය වේ.Sri Lanka Latest News
රුපියල් මිලියන 35ක වියදමින් ඉදිවන මෙම නවීන පහසුකම් සහිත ගෘහස්ථ ක‍්‍රීඩංගනය නිර්මාණය වනුයේ, පැසි පන්දු, වොලිබෝල්, ත්‍රෝ බෝල්, හෑන්ඩ් බෝල්, බැට්මින්ටන්, ෆුට්සල්, ටේබල් ටෙනිස් ඇතුලු ක‍්‍රීඩා ඉසව් 18 කට ආසන්න ප්‍රමාණයක් ක‍්‍රීඩා කල හැකි වන පරිදිවේ. ගෘහස්ථ ක‍්‍රීඩා සදහා නැඹුරුවක් ඇති පාසල් සිසුන්ගේ හැකියාවන් සහ දක්ෂතා ඔපනැංවීමේ අරමුණින් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය එකමුතුවෙන් සහ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ.
පාගමන අවසානයේ එදිනම රාත්‍රී 7.00ට තිඹිරිගස්යාය, හෙන්‍රි පේදිරිස් ක‍්‍රීඩාංගනයේදී Green night 2025 විශේෂ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතර “YAKA CREW” සංගීතයට භාතිය සන්තුශ්, සේනානායක වෙරලියද්ද, funky dirt, rapzilla, සචින්ත පුලස්ති, අශාන්‍යා ප්‍රේමදාස වැනි ජනප‍්‍රිය තරු රැසක් ගීතවත් වීමට නියමිතයි.





ප්‍රියන්ත හෙට්ටිගේ











