2021 වසරේදී පැවැති ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධාන කරනු ලබන ‘හොඳම ව්‍යවසායකයා’ (Sri Lankan Entrepreneur of the Year) ජාතික සම්මාන උළෙලේදී ප්‍රධානතම සම්මාන දෙකක් හිමිකරගත් ‘මෙඩිහෙල්ප්’ (Medihelp) පුද්ගලික රෝහල් ජාලයේ නවතම රෝහල පසුගියදා අතුරුගිරිය නගරයේදී විවෘත කෙරිණි. සියලු නවීන සෞඛ්‍ය සේවා අංගවලින් සමන්විත මෙම රෝහල එම ජාලයේ 14 වැනි ශාඛාව ලෙස විවෘත කෙරිණි.
‘මෙඩිහෙල්ප්’ (Medihelp) රෝහල් ජාලයේ නිර්මාතෘ සහ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා සහ එම රෝහල් ජාලයේ අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන මහත්මිය අතින් මෙම නව රෝහල විවෘත කෙරිණි. මෙම රෝහල විවෘත කිරීමෙන් පසුව එම රෝහලේ ඇතැම් වෛද්‍ය සේවාවන් මහජනතාව සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ සහ වට්ටම් මත ලබාදීමටත් කටයුතු කර තිබිණි. රුධිරයේ සීනි පරීක්ෂාව ලබන ඔක්තෝබර් 31 වැනිදා දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකිරීමටත්, අනෙකුත් රසායනාගාර පරීක්ෂණ සඳහා 50%ක වට්ටමක් සහ චැනල් සේවා ගාස්තු නොමිලේ ලබාදීමටත් මෙම රෝහල පියවර ගෙන තිබීම විශේෂත්වයකි. කෙසේ හෝ මෙම සහන වෛද්‍ය සේවාවන් රෝහල විවෘත කළ සැප්තැම්බර් 04 වැනිදා සිට ඔක්තෝබර් 31 වනිදා දක්වා පුරා මාස 02කට ආසන්න කාලයක් දක්වා පැවැත්වීම විශාල සමාජ සත්කාරයක් වී ඇත.
‘මෙඩිහෙල්ප්’ (Medihelp) රෝහල් ජාලයේ විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම රෝහල් ජාලය මෙයට වසර 37කට පෙර ඉතා ප්‍රාථමික මට්ටමින් ආරම්භ කෙරුණු එකක් වන අතර, අද එය බොහෝ නවීන රෝහල් හා තරග කළ හැකි ආකාරයේ අති නවීන පහසුකම්වලින් සමන්විත රෝහල් ජාලයක් බවට පත්වී ඇති බවයි. මෙම රෝහලේ සියලු වෛද්‍ය සේවාවන් මහජනතාව වෙත ඉතා සාධාරණ අයකිරීම් මත ලබාදීමට කටයුතු කරන බවද චන්දික විජේසිරිවර්ධන මහතා පැවැසීය.
ප්‍රියන්ත හෙට්ටිගේ