• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිණි පහන නිවිලා අද නිවෙසේ යළි ඉපදෙන්න ඔයා සුදු දෝණි අවුරුදු 7ක දැරියක් මරාදැමූ කතාවේ අබිරහස් කතාව…

September 18, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
මිණි පහන නිවිලා අද නිවෙසේ යළි ඉපදෙන්න ඔයා සුදු දෝණි අවුරුදු 7ක දැරියක් මරාදැමූ කතාවේ අබිරහස් කතාව…
Share on WhatsAppShare on Facebook

අපි දන්නේ මේ ලෝකේ වැඩියෙන්ම ආරක්ෂාව තියෙන්නේ තමන්ගේ අම්මා ළඟ කියලයි. මෙලොව එළිය දුටුදා පටන් දරුවකුට වෙනසක් නැතිව ආදරයක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ තමන්ගෙ අම්මාගෙන් විතරයි. නමුත් එය එසේ නොවන අවස්ථාවනුත් දැන් දැන් සමාජයෙන් අහන්නට දකින්නට ලැබීම කනගාටුවට කරුණක්. දරු සෙනෙහස නොහඳුනන එවැනි අම්මාවරුන් මවුපදවියටත්, ‘අම්මා’ කියන උත්තරීතර පදවියටත් ගෙනදෙන්නේ නිගාවක්මයි.

මවුපදවියට නිගා දුන් එවැනි අකාරුණික කාන්තාවක් සිදුකළ ඝාතනයක් ගැන පසුගියදා අසන්නට ලැබුණේ නිවිතිගල උඩ දෙල්වල ප්‍රදේශයෙන්. මැල්සිරිපුර ප්‍රදේශයේ පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ හර්ෂිකා හර්ෂනී කුමාරි නමැති හත් හැවිරිදි දැරියක් ඇගේ මව විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පොහොර උරයකට දමා අතැහැර දැමූ පතලකට දමා තිබියදී සොයාගනු ලැබුවා. මෙම අපරාධය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ දැරියගේ මව සහ තවත් ගැබිනි කාන්තාවක් දෙල්වල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වැනිදායි. දරුවාගේ සිරුර වළදමා තිබූ ස්ථානයට සැකකාර මව පසුගිය 11 වැනිදා පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන ආ අතර ප්‍රදේශවාසීන් මහත් වෙහෙසක් දරමින් එම සිරුර ගොඩගැනීමට කටයුතු කළේ රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මුදිත කුඩාගම මහතාගේ නියෝගයකට අනුවයි.

සුදු පොහොර උරයක බහා තිබූ දැරියගේ සිරුර බෙහෙවින් නරක්වී තිබුණා. දැරියගේ අස්ථි කොටස්, හිස, දැරියගේ බවට සැක කෙරෙන කුඩා සායක්, ටී ෂර්ටයක් සහ කළුගල් තුනක්ද එම පොහොර කවරයේ තිබී සොයාගත් බව පොලිසිය අනාවරණ කළා. සැකකාරියගේ පාපෝච්චාරණයට අනුව දැරියගේ සිරුර ගොඩගෙන තිබුණේ ඝාතනයෙන් මාස 03කට පමණ පසුවයි.

ඝාතනයට ලක්වූ හර්ෂිකා හර්ෂණී කුමාරි දැරිය පදිංචි වී සිටියේ මැල්සිරිපුර පන්ලියැද්ද ප්‍රදේශයේයි. මේ පුංචි හර්ෂණීගේ 29 හැවිරිදි මව පසුගිය ජූලි 07 වැනිදා මැල්සිරිපුර පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් කරන්නට වුණා. ඒ, රත්නපුර දෙල්වල ප්‍රදේශයේදී තම හත් හැවිරිදි දියණිය අතුරුදන් වී ඇති බව පවසමින්. ඇය පොලිසියට කියා සිටියේ දැරියගේ පියා ඇයව රැගෙන ගිය බවයි. ඒ අනුව දැරියගේ පියාවද පොලිසියට කැඳවා ප්‍රශ්න කළ අතර, එවැනි පැහැරගැනීමක් සිදුව නොමැති බව එහිදී තහවුරු වී තිබුණා. ඒ බව මැල්සිරිපුර පොලිසිය විසින් දෙල්වල පොලිසිය වෙත දැනුම්දීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව දෙල්වල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කරන්නට පියවර ගත්තා. දෙල්වල පොලිසියේ ස්ථානාධිපති අමල් කීර්ති මහතා දැරියගේ මව පොලිසියට ගෙන්වා ප්‍රශ්න කළද එහිදීද ඇය කියා තිබුණේ දැරියගේ පියා විසින් ඇයව රැගෙන ගිය බවයි. දැරියගේ මවගේ ප්‍රකාශය අනුව දැරියගේ පියා ලෙස හැඳින්වූ පුද්ගලයාවද දෙල්වල පොලිසිය වෙත කැඳවූයේ ප්‍රශ්න කිරීම සඳහායි. පොලිසියේ විමර්ශන නිලධාරීන් ඉදිරියේ ඔහු පවසා තිබුණේ මෙවැන්නක්.

‘අනේ මහත්තයා මම මේ ගෑනිවයි දරුවෝ තුන්දෙනාවයි දෙල්වල මගේ යාළුවකුගේ ගෙදරට ගෙනිච්චාට මම එක දරුවෙක්වත් අරන් ආවේ නැහැ. ඔය ගෑනි තමයි දරුවාට වෙච්ච දේ දන්නේ….’

ඔහුගේ ප්‍රකාශය අනුව පොලිසියේ සැකය යොමු වුණේ දැරියගේ මව වෙතටයි. ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයේ සුලමුල ඇය විසින් මෙලෙස පාපොච්චාරණය කරන්නට වුණා.

‘ගෙදර අගහිඟකම් නිසා දරුවන් තුන්දෙනත් එක්ක අනේක දුක් වින්දා. දරුවන්ගේ තාත්තා දරුවන්ට සැලකුවේ නැහැ. මේ නිසා දරුවන් ජීවත් කරවන්න සෑහෙන්න මහන්සි වුණා. නැතිබැරිකම දරාගන්න නොහැකි නිසාම මම මිනිරන් පතලක වැඩට ගියා. පතල් රස්සාවෙන් යාන්තමට බඩගින්න නිවාගන්න පුළුවන් වුණා. මේ මිනිරන් පතලේ වැඩකරන කොට මට උදව් කරන්නම් කියලා මිනිරන් පතල බලාගත්ත කෙනා (මුරකරු) පොරොන්දු වුණා. එයත් කසාද බැන්ද, දරුවන් පස්දෙනෙක් ඉන්න කෙනෙක්. මට මුලදි ආදරෙන් හිටියා. එයා පස්සේ වෙනස් වුණා. එයා පදිංචි වෙලා හිටියේ කැලණියේ. මේ ඉන්න අතරේ එයාට යාළුවෙක් මුණගැහිලා තිබුණා. දෙල්වල ඉන්න එයා දවසක් ගෙදර එන්න කිව්වාම, මෙයා කියලා තියෙනවා දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා එයාලයි පවුලයි එක්ක එන්නම් කියලා.

ඒ අනුව අපි දෙල්වල යාළුවාගේ ගෙදර ගියේ දවස් දෙකතුනක් ඉඳලා එන්න හිතාගෙනයි. ඒ ගෙදර හිටියේ දෙල්වල යාළුවාගේ බිරිඳයි, තවත් බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක්. ඒ දෙන්නාම ඒ ගෙදර ඉන්නේ. එයාලා අපිට හොඳට සැලකුවා. ටික දවසකින් මාවයි දරුවෝ තුන්දෙනාවයි දෙල්වල යාළුවාගේ ගෙදර දාලා එයා ආපහු කැලණියට ගියේ මාව එක්කගෙන යන්න දවසකින් දෙකකින් එන බව කියලා. මේ ඉන්න අතරතුර තමයි දෙල්වල යාළුවා සමග මම ලිංගික ඇසුරකට යොමුවුණේ. නීත්‍යනුකුල බිරිඳගෙත් අනියම් බිරිඳගෙත් ඒකට අකැමැත්තක් තිබුණේ නැහැ. මේ ඉන්න අතරේ මේ යාළුවාගේ (අනියම් ස්වාමිපුරුෂයාගේ) අවුරුදු 06ක දරුවාට නීත්‍යනකුල බිරිඳ දවසක් පැණිවළලු ගෙනත් තිබුණා. අපේ දරුවා පැණි වළල්ලක් හොරෙන් කාලා ඒකට මේ දෙල්වල යාළුවා (අනියම් ස්වාමිපුරුෂයා) හොඳටම ගැහුවා.

අපි එක ගෙදර ජීවත්වෙනකොට අනියම් ස්වාමිපුරුෂයා සඟවා තිබූ මැණික් ගලක් මියගිය දියණිය වීසිකළ බව කියමින් ඇයට දිගින් දිගටම පහර දෙන්නට අනියම් සැමියා කටයුතු කළා.

දවසක් කසිප්පු අල්ලන්න පොලිසියෙන් එනවා කියලා ආරංචියක් ආවා. ඒ වෙලාවේ දැරියව කැලයට අරන් යන්න කියලා මට අනියම් ස්වාමි පුරුෂයා කිව්වා. මම දැරියත් අරගෙන දෙල්වල කැලයට ගියා. දවස් කිහිපයක්ම දරුවාට පහර දුන්නු නිසා උණ අරගෙන තිබ්බේ. ඒ අතර මම දරුවාව නෑව්වා. කැලය ඇතුළේ ඉන්නකොට මගේ ඔඩොක්කුව උඩම දරුවාගෙ හිස පහතට වැටුණා. ඊට පස්සේ කතා කළේ නෑ. ඒත් මම පැය ගණනක් කැලය ඇතුළෙම හිටියා. පස්සේ අනියම් ස්වාමි පුරුෂයාගේ බිරිඳත් අනියම් ගැබිනි බිරිඳත් කැලයට ආවා.

පස්සේ අනියම් ස්වාමිපුරුෂයා ඇවිත් දැරියව සුදු පොහොර උරයක දාලා උස්සාගෙන ගිහින් අතහැර දැමූ පාළු මැණික් පතලකට දාලා කළුගල් දෙකකුත් ඊට උඩින් දැම්මා. අනියම් ස්වාමිපුරුෂයාගේ නීත්‍යනුකූල බිරිඳත්, අනියම් ගැබිනි බිරිඳත් ගෙදර ඉඳන් දැරිය වළදැමූ තැනට කවුරුහරි ඇතුළු වෙනවා දැයි සෝදිසියෙන් හිටියා. අපි හතරදෙනා විතරයි මේ ගැන දැනගෙන හිටියේ. පසුව මම වැඩිමහල් දියණියත් පොඩි දරුවාත් එක්ක මැල්සිරිපුර ආවා. දරුවෝ දෙන්නට කිව්වේ කැලණියේ මාමා නංගිව ගෙනිච්චා කියලා. පස්සේ මේ දරුවාගේ ඉස්කොලේ ටීචර් ඇය ගැන කිහිප වතාවක්ම ඇහුවා. ඊට පස්සේ තමයි මැල්සිරිපුර පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මේ සැකයක් නොහිතෙන්න….’

කෙසේ වෙතත් දැරියේ මළසිරුර රත්නපුර දිස්ත්‍රික් මහරෝහලට රැගෙන ගොස් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට හේතුව දැරිය සිහිසුන්ව සිටියදී වළදැමුවේද යන්න සොයා ගැනීමටයි.

මේ වන විට අනියම් සැමියා සහ නීත්‍යනුකුල බිරිඳ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. මියගිය දැරියගේ මව සහ ගැබිනි කාන්තාව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනවා. දැරියගේ මවගේ අනියම් සැමියා යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයකු බවත්, ඔහුට විරුද්ධව දරුණු ගණයේ අපරාධ චෝදනා ගණනාවක්ම විවිධ අධිකරණවල විභාග වෙමින් පවතින බවත් හෙළිව තිබෙනවා.

මේ සියලු සිදුවීම්වලට හේතුව මිනිස්සුන්ගේ ඉහවහා ගිය ආශාවන් බව ඕනෑම අයකුට වැටහෙන කරුණක්. ඒ වගේම රටේ ආර්ථික අර්බුදයන්ද මිනිසුන්ගේ මානසික පීඩාව තවත් වැඩිකරන්නට සමත් වෙලා. ජීවිතයක වටිනාකම නොහඳුනන මිනිසුන් දිනෙන් දිනම බිහිවෙමින් තිබෙනවා. තමන්ගේ ලෙයින් උපන් දරුවා පණ පිටින් වළදමන්නට තරම් අම්මාවරුන් සාහසික වෙන තැනටම අද සමාජය පත්වෙලා. දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට තහවුරු වූ අනියම් සැමියාගේ සහ ඔහුගේ පියාට අයත් නිවාස දෙකක් ගිනිතබා විනාශ කරන්නට ගම්වාසීන් කටයුතු කර තිබුණා.

මහ මෙරක් තරම් වූ තණ්හාවන්, ආශාවන් පොදි ගසන මිනිසුන්ගේ හිත්වල තියෙන පවිටු ගති අසරණ පුංචි දරුවන් දන්නේ නැහැ. මල් කැකුළු වගේ ඒ හිත් හරිම ලස්සනයි. අපේ රට එළිය කරන්න, සුවඳ කරන්න හිටපු තවත් ලස්සනම ලස්සන පුංචි දුවෙක් අපට අහිමි වෙලා… කවුද මේ දරුවාගේ ජීවිත උදුරාගත්තේ…?

‘අඬන්න එපා මගේ රත්තරන් සුදු දුවේ… ලබන ආත්මේ ඔයාට ආදරය කරන පින්වන්ත අම්මා කෙනකුගේ කුසෙන් ලෝකෙට බිහිවෙලා සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා…’

මිණි පතලේ ඝන අඳුරු
සෙවණැලි අතර
මවගේ සෙනෙහස සැඟව ගිය
සිහිනය බොඳව
සැතපෙන්න දියණියනි
සැනසීමේ
යළි පිංවන්ත මව්කුසක
පිළිසිඳිනට
හෙට දවසේ…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රාජකීය සොහොන් ගැබ අවුරුදු 20කට පසු හෙට විවෘත වෙයි! යන්න පුලුවන් 4 දෙනකුට විතරයි!

Next Post

අතුරුගිරියේ මෙඩිහෙල්ප් වෙතින් නොමිලේ බෙහෙත්…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.