ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක නැරඹුම් ස්ථාන සඳහා පැමිණෙන සංචාරකයින්ට විද්‍යුත් ප්‍රවේශපතක් හඳුන්වා දීම සඳහා මහජන බැංකුව සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල අත්වැල් බැඳගනී.
මේ සඳහා වන ගිවිසුම් හුවමාරුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක හා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරුන් අතර කොළඹ 02, මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්වරුන්, මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන්, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී කේ.බී. රාජපක්ෂ මහතා ඇත`ුඵ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයන් ද එක්ව සිටියහ.











