දශක තුනකට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් කටයුතු කරන, ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI ටයර් සමාගම 2018 වසරේදී තම ළබැඳි අලෙවි නියෝජිතයන් ඉලක්ක කර ගනිමින් “DSI Tyres Super Dealer – 2018” නමැති සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහන අතිසාර්ථකව ක්‍රියාවට නැංවීය. DSI ටයර් නිෂ්පාදන පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සමීප කිරීමට කැප වෙන සිය අලෙවි නියෝජිතයන් දිරිමත් කිරීම සහ ඇගැයීම එහි මූලික අරමුණු විය. “DSI Tyres Super Dealer – 2018” වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2018 මූල්‍ය වර්ෂය තුළ සමස්ත විකුණුම් ඉලක්ක ඉහළින්ම සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන්ට ඉලක්ක සම්පූර්ණ කිරීමේ මට්ටම අනුව සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනූ ස්පාඤ්ඤයේ, මැලේසියාවේ සහ ෆුකට් දිවයිනේ දින හතරක අගනා සංචාර පිරිනමන ලදී.