• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසර 6කට පසු ශිරාණි රටම කලඹන රහස් ‌හෙළි කරමින් ‘මව්රට’ට දුන් විශේෂ සම්මුඛ සාකච්ජාව ‌මෙන්න

September 21, 2019
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය සඳහා දින තීන්දු වී අවසානය. තවමත් එජාපයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගෙන නැත. ඒ සඳහා සිවිල් සංවිධාන වෙතින් නම් කිහිපයක්ද එජාපය වෙත ඉදිරිපත් කොට ඇත. ඉන් එක් නමක් වන්නේ හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නමය. ඊට හේතුව ඇය පැවැති රාජපක්ෂ රජයෙන් විශාල අසාධාරණයකට ලක්ව ඒකමතිකව නඩු අසා තනතුරද අහිමි කොට ගෙදර යැවීම නිසාය. මේ නිසාම ඇය එවකදී රාජපක්ෂවරුන්ට එරෙහි සංකේතය විය. නමුත් යහපාලන ආණ්ඩුව පැමිණි පසු හිටපු අගවිනිසුරුවරිය පිළිබඳව වැඩි සොයාබැලීමක් සිදුවූවා පමණක් නොව ඇයගෙන් රටට ගත හැකි ඵල ප්‍රයෝජනයද ගත් බවක් පෙනෙන්නට නොතිබිණ. එම අතීත සිදුවීම පිළිබඳවද, වත්මන් ආණ්ඩුව පිළිබඳවද, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවද, සිය අනාගත සැලැසුම් පිළිබඳවද හිටපු අගවිනිසුරුවරිය “දැන් ඉරිදා මව්රට” පුවත්පත සමඟ පළකළ අදහස් මෙසේය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට පසු රාජපක්ෂ පාලනයට ඍජුව බලපෑමක් කළ දෙවැනි චරිතය ලෙස ඔබතුමිය හඳුන්වන්න පුළුවන්. ෆොන්සේකා හමුදාවේ කෙනෙක්. නමුත් ඔබතුමිය කාන්තාවක්. ඔබතුමියට හයිය, ශක්තිය ලැබුණෙ කොහොමද?
මම හිතන්නෙ මම හැම වෙලේම සාධාරණ විදියට රාජකාරි කරපු හින්දා හැම තිස්සෙම හරි දේ කරපු හින්දා මගේ ගෙදරින්, පවුලේ සාමාජිකයන්ගෙන් ලැබුණු ශක්තිය හින්දයි මට ඒ දේ කරන්න පුළුවන් වුණේ. ඒ වගේම මම හිතනවා මම මේ රටට තිබුණු ආදරයත් සෑහෙන්න බලපෑවා කියලා. මට හැමදාම වුවමණාව තිබුණෙ රටට යහපතක් කරන්න. හොඳ සමාජයක් බිහිකරන්න. නිවැරැදි මාර්ගයකට රට යොමු කරන්න. ඒ ඔක්කොම මට ඒකට බලපෑවා.

ඔබතුමිය රාජපක්ෂ පාලනයට අවනත වුණා නම්, ඒ අයට අවශ්‍ය විදියට රාජකාරි කළා නම් අදත් ඔබතුමිය අගවිනිසුරු ධුරයේ ඉන්නවා. ඒ ගැන ඔබතුමියගේ පසුතැවීමක් තියෙනවද?
හරි තත්ත්වය අරගෙන බැලුවොතින් මේ වෙලාව වෙද්දිත් මම රටේ අගවිනිසුරු තනතුරේ ඉන්න ඕන. මට විශ්‍රාම යන්න තිබුණේ 2023 අප්‍රේල් මාසෙ. මම නිවැරැදි තීන්දු ගන්න නිසා මගේ තීරණවලට කොච්චර බලපෑම් එල්ල කරන්න උත්සාහ දරද්දි ඒවාට මම අවනත නොවී කටයුතු කරපු හින්දා තමයි මාව තනතුරෙන් ඉවත් කරන්න කටයුතු කළේ. නමුත් මට පසුතැවීමක් නෑ ඒ ගැන. ඒකට හේතුව වෙන්නෙ මම සන්තෝෂ වෙනවා හරි දේ කරලා ඉවර වෙලා, අධිකරණයේ කාර්යභාරය නිවැරැදිව කරන්න උත්සාහ කරලා මේ දේ සිද්ධවීම ගැන.

ඔබතුමියට ඒ කාලේ විඳින්න වුණු දුක්ගැහැට පීඩනය ගැන කතා කළොත්?
මම හිතන්නේ පීඩන තත්ත්වය ඔක්කොම පටන්ගත්තෙ 2011 මම අගවිනිසුරු තනතුරට පත්වෙච්ච කාලෙ ඉඳලා. ඒ වගේම මම 2013 ජනවාරියේ මාව ඉවත් කළාට පස්සෙත් ඒක අවසාන වුණේ නෑ. ඒක 2013න් පස්සේ 2018 දක්වාම ඒ තත්ත්වය බලපෑවා. අපේ නඩු සියල්ල අවසානයට පත්වුණේ 2018 ජනවාරි මාසේ.

2015 ජනපතිවරණයේදී ඔබතුමියගෙ නමත් එනවා පොදු අපේක්ෂිකාව හැටියට. බොහෝ අය බලාපොරෝත්තු වුණා ඔබතුමිය අපේක්ෂිකාව නොවුණත් දේශපාලන වේදිකාවට ගොඩවෙයි කියලා. නමුත් ඔබතුමිය නිහඬව සිටියා. ඒකට හේතුව මොකක්ද?
දේශපාලනය කියන්නේ මම හිතන්නේ වේදිකාවට නැඟලා දේශපාලන කතා පැවැත්වීම විතරක්ම නෙමෙයි. මම අනෙක් අය වාගේ ප්‍රසිද්ධියේ, ප්‍රසිද්ධ තැන්වල හරි, ප්‍රසිද්ධ වේදිකාවල හරි කතා නොකරපු එක වෙන්න ඇති මම නිහඬව හිටියා කියන්නේ. නමුත් මම නිහඬව හිටියේ නෑ. ඒ කාලයේ ඉඳලම මම යමක් කළ යුතුයි කියන අදහසේ හිටියා. ඒකෙන් තමයි මගේ පොත එළියට එන්නේ.

රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් පස්සේ ඔබතුමියට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා ඔබතුමිය හිතනවාද?
මගේ අවංක, කෙටිම සහ සරල පිළිතුර වන්නේ නැහැ කියන එක. මොකද අසාධාරණයට ලක්වෙච්ච කෙනෙක්ට සාධාරණය ඉෂ්ට කරනවා නම් ඒ සාධාරණය අසාධාරණයට සමාන වෙන්න ඕනේ. දැන් මට වෙච්ච අසාධාරණය ගැන පැහැදලි කරන්න ඕන නැහැනේ. ඒක මට වඩා හොඳින් රටේ ජනතාව දන්නවා. නමුත් මොකක්ද මට වෙච්ච සාධාරණය. මම හිතන්නෙ මට වෙච්ච සාධාරණයක් නැහැ කියලයි.

රාජපක්ෂ පාලනය ඔබව දුන් පීඩාව ඒ අයටත් අත්විඳින්න සිද්ධ වුණා. ඔබේ පුතාම වරක් ෆේස්බුක් සටහනක් තියලා තිබුණා ‘කර්මය’ කියන එක පුදුම දෙයක්’ කියලා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?
මම හිතන්නේ ඕනෑම කෙනකු ඕනෑම ආගමකට අනුව කරන කියන දේවල් අපි පිටුපස්සේ ආපහු එනවා. අපි හොඳ යමක් කෙරුවොතින් අපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම අපි නරක යමක් කළොත් අපිට ලැබෙන්නෙ නරක ප්‍රතිඵල. අපි වපුරන විදිහට තමයි අස්වැන්න ලැබෙන්නෙ.

රාජපක්ෂ පාලනය පෙරළන්න ඔබතුමියගෙ සිදුවීම තමයි ආසන්නතම සිදුවීම. ඒක තමයි දේශපාලන විශ්ලේෂකයන්ගේ දේශපාලන විග්‍රහය?
එහෙම හිතෙනවද? මම නම් හිතන්නෙ මේ රජය තවම ඒ විදිහට හිතලා නෑ.

මම එතැනට තමයි එන්නේ. අද ඔබව පෙන්නලා මේ අය ආණ්ඩු පිහිටුවලා ජනපති, අගමැති තනතුරුවල ඉන්නවා. ඔබතුමිය තවමත් ගෙදරට වෙලා ඉන්නවා. මේ ගැන ඔබතුමිය මොනවද හිතන්නේ?
මම හිතනවා බොහෝ දෙනෙක් මේකෙන් ආනන්තරීය පාපකර්ම කරගන්නවා කියලා. මොකද වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ගෙන් වැඩක් ගන්නෙ නැති එක එක්තරා විදියක අවාසනාවක්. ඒ වගේම මම හිතනවා ඒක රටකට කරන ලොකුම අසාධාරණයක්. මොකද මිනිස්සු කැමැත්තෙන් ඉද්දි ඒ අයගෙන් වැඩක් ගන්නෙ නැතිව ඉන්න එක ලොකු අපරාධයක්.

ආයෙමත් ජනාධිපතිවරණයක් එනවා. ඔබතුමියගේ නමත් තැන් තැන්වල කියැවෙනවා පොදු අපේක්ෂිකාව විදිහට එයි කියලා. සිවිල් සංවිධාන බොහොමයක් ඔබතුමියගෙ නම යෝජනා කරලා තියෙනවා. ඔබතුමියගෙ අදහස මොකක්ද මේ ගැන?
මට ආරාධනා කීපයක්ම ඇවිත් තියෙනවා. නමුත් දේශපාලනය කියන්නෙ මම හිතන විදියට පක්ෂ දේශපාලනය විතරක් නෙමෙයි. ඒ විෂයට ගොඩක් දේවල් අන්තර්ගතයි. නමුත් මම මේ වනතුරු කිසිම පක්ෂයකට සම්බන්ධ වෙලා නෑ.

සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
පක්ෂයකට වඩා මට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති. දැනට ස්ථාපිත වෙලා තියෙන සෑම පක්ෂයකම වගේ තියෙන්නේ සුවිශේෂී වගේම උත්තරීතර ගනයේ ප්‍රතිපත්ති. හැබැයි ඒ පක්ෂ පදනම් කරගත්ත ප්‍රතිපත්ති ඒ ගුණාත්මක විදියටම ක්‍රියාවට නැංවිලා තියෙනවාද කියන එක ගැන මගේ පැහැදීමක් නැහැ. ඒ වගේ පසුබිමක මම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ඔබතුමිය දැන් පොතක් ලියනවා කියලා ආරංචියි. ඇයි මේ පොතක් ලියන්න හදන්නේ?
2013 දෝෂාභියෝගයෙන් මාව අගවිනිසුරු තනතුරෙන් ඉවත් කරපු ක්‍රියාවලිය ගැන විවිධ විදියේ පුවත් පළවුණා. නමුත් මාව ඉවත් කරපු ක්‍රියාවලිය වගේම ඒකට හේතු සාධක වුණු කරුණු කාරණා සම්පූර්ණයෙන් කවුරුවත් වාර්තා කරලා තිබුණේ නැහැ. ඒ වගේ පසුබිමක 2011 ඉඳලා 2013 ජනවාරි මාසේ වෙනකම් සිදුවුණු වැදගත් සිදුවීම් පොතකට ඇතුළු කිරීම වැදගත් කියලා මට හිතුණා. පොත ලීවේ ඒ හින්දයි.

මේක සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද ලියන්නෙ?
සිංහලෙන්, ඉංග්‍රීසියෙන් දෙකෙන්ම තියෙනවා. සිංහල පොතේ නම “උත්තරීතර දෝෂාභියෝගයේ ඇතුළාන්තය”. ඉංග්‍රීසි පොතේ නම , “Hold me In contempt: A memoir” මෙම පොත සරසවි ප්‍රකාශනයක්. සරසවි පොත්සල්වලින් මේ පොත ඕන කෙනකුට ගන්න පුළුවන්. පොත ලිව්වේ මම. පොතේ පිටකවරය සම්පූර්ණයෙන්ම මගේ පුතාගේ අදහසක්. ඉතාම කෙටි කාලයකින් පොත ලියලා ඉවර කළා. මේ පොත මම ලියන්න පටන් ගත්තේ 2018 අග භාගයේ. සැප්තැම්බරයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී මේ පොත එළිදැක්වෙනවා.

පොත එළිදැක්වෙන උත්සවයක් පවත්වන්නේ නැද්ද?
ඒකට කිසිම උත්සවයක් පවත්වන්නෙ නෑ. මොකද මම උත්සව විශ්වාස කරන්නේ නැති කෙනෙක්. මගේ විවාහයටවත් මම උත්සවයක් ගත්තෙ නෑ. ඒ වගේම මම උපාධිය ගත්ත වෙලාවෙවත්, ආචාර්ය උපාධිය ගත්ත වෙලාවෙවත්, විශ්වවිද්‍යාලයේ එක එක තනතුරු ලැබුණු වෙලාවෙදිවත්, ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුණු වෙලාවෙදිවත්, අගවිනිසුරු ධුරයට පත්වෙච්ච වෙලාවෙදිවත් මම උත්සව ගත්තෙ නෑ. ඉතින් මේකට විතරක් මොකටද උත්සවයක්.

අද ගොඩක් අධිකරණවල විනිසුරුවරු බය නැතිව තීන්දු දෙනවා. ඔබතුමිය හිතන්නෙ නැද්ද ඒ ඔබතුමිය කරපු අරගලයේ ප්‍රතිඵලයක් කියලා?
එහෙම නම් ඇත්තටම සන්තෝෂයි.

යළිත් රාජපක්ෂ පාලනයක් අවොත් ඔබතුමිය මොනවද හිතන්නේ?
මම හිතන්නේ ඒ අපේ රටවැසියන්ගේ කැමැත්ත. ඒ වගේම මං හිතනවා කිසිම පුද්ගලයෙක් එක පාරක් කරපු අසාධාරණයක් තවත් පාරක් කළ යුතු නෑ කියලා.

SendShareShare
Previous Post

“DSI Tyres Super Dealer 2018” වෙතින් ජයග්‍රාහකයන්ට සුපිරි විදෙස් සංචාර

Next Post

ජපනුන් වැඩ අල්ලයි

MORE NEWS

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.Sri Lanka Latest News විපක්ෂයේ...

Read more
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.