රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීම සදහා වේලාවක් ලබා දෙන ලෙසට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට වික්‍රමසිංහ මහතා අද (20) දිනයේදී කටයුතු කළේය.
පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව වහාම රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කළ යුතු බවට එකගතාවකට එළඹ තිබිණ.
ඒ අනුව අද දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ලක්ෂ්මන් විජේමාන්න මන්ත්‍රීවරයා වික්‍රමසිංහ මහතා වෙත යැවීමට පිරිස පියවර ෙගෙන ඇත.
නමුත් එහිදී වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ දැන් තමන්ට තවදුරටත් සාකච්ජා පැවැත්වීමට අනවශ්‍ය බවත්, ඒ සදහා කාලවේලාවක් වෙන් කිරීමට නොහැකි බවත්ය.
එමෙන්ම ලබන අගහරුවාදා (24) දිනයේදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම් කරන බවද මෙහිදී වික්‍රමසිංහ මහතා විජේමාන්න මහතාට දැනුම් දී තිබේ.