මේ වන විට පවතින ආනයන සීමා සමග අලුත් වාහනවල හිඟයක් පවතින බැවින් හොඳ තත්ත්වයේ ඇති පාවිච්චි කරන ලද ලියාපදිංචි වාහනයක් මිලදී ගැනීම හැම දෙනාගේම බලාපොරොත්තුව වී ඇත. ලියාපදිංචි වාහන මිලදී ගැනීමේ පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට මෙන්ම තම වාහන විකිණීමට හෝ හුවමාරු කිරීමට හරිම තැන ලෙස ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් රියසක්වල ස්ථාපිත කර ඇත. ඕනෑම සන්නාමයක මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, කාර්, වෑන් හෝ වෙනත් වාහන සමගින් රියසක්වල මෙරට පාරිභෝගිකයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට සැදී පැහැදී සිටී.
පොදු ජනතාවට හොඳම ප්‍රවාහන විසඳුම් ලබා දීමේ නවතම වැඩසටහන ලෙස රියසක්වල විසින් පසුගියදා ‘DPMC සහතික කළ ත්‍රිරෝද රථ (DPMC Certified Three Wheelers) මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දෙන ලදී. දශක තුනකට වැඩි කාලයක් බජාජ් නිෂ්පාදන මෙරට බෙදාහැරීමේ එකම නියෝජිතයා ලෙස ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ්හි විශේෂඥ කාර්මික ශිල්පීන්ගේ අධීක්ෂණයෙන් සහ තක්සේරුවෙන් පසු DPMC සහතික කළ ත්‍රිරෝද රථ රියසක්වල විසින් අලෙවිය සඳහා නිකුත් කරනු ලැබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් රියසක්වල කළමනාකරණ සමාගම වන ඬේවිඞ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඞ්හි සාමාන්‍යාධිකාරී නලින්ද කුරුකුලසූරිය මහතා පැවසුවේ රියසක්වල වෙතින් DPMC සහතික කළ ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට හේතු කිහිපයක් වැදගත් වන බවයි.











