Covid-19 වසංගතයෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම් අවම කර ගැනීමට සහ රට තුළට විදේශ මුදල් ගලා ඒම ඉහළ නැංවීමට රජයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය (CBSL) විසින් 2020 අප්‍රේල් 08 වන දින විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දෙන ලදී. DFCC බැංකුව රටේ ප්‍රමුඛ බැංකු අතරින් එකක් වන අතර දැනට ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය මත රටේ ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික අරමුණ වෙනුවෙන්, සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ශ්‍රී ලංකා මහා බැංකුවේ උපදෙස් පරිදි, DFCC බැංකුව මෙම විශේෂ ගිණුම ආරම්භ කිරීමට පියවර ගත්තේය. රටේ ආර්ථිකය තවමත් ගෝලීය අර්බුදයෙන් මිදීමට උත්සාහ කරමින් සිටින අතර DFCC බැංකුව යම් විශේෂ තැන්පතු ගිණුම දියත් කරනු ලැබුවේ අන්තර්ජාල, ඩිජිටල් සහ සමාජ ජාල ඔස්සේ විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් දිරිමත් කර ඔවුන්ගේ අරමුදල් රට තුළ ආයෝජනයට යොමු කිරීමටයි.
ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ විවිධ විදේශ මුදල් (LKR, USD, EUR, GBP, AUD, JPY, SGD, CAD, CHF)ල මාස 6 සහ මාස 12 කාල සීමාවන් සදහා ස්ථාවර තැන්පතු වශයෙන් තැන්පත් කිරීමට හැකිවේ. ගනුදෙනුකරුවන්ට අසමසම සේවාවක් සහ උපරිම පොලී අනුපාත ලබාදෙන බවට පොරොන්දු වෙමින්, මාස 6ක් සඳහා විශේෂ තැන්පතු ගිණුම්වල තැන්පත් කළ අයට සාමාන්‍ය පොලී අනුපාතයට වඩා 1%රක් හිමිවන අතර මාස 12ක් සඳහා විශේෂ තැන්පතු ගිණුම්වල තැන්පත් කළ ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලී අනුපාතයට වඩා 2%ක් ලැබෙනු ඇත. ගනුදෙනුකරුවාගේ කැමැත්ත පරිදි ඕනෑම විටක විශේෂ තැන්පතු ගිණුමේ කාලසීමාව ඉකුත් වූ පසු තැන්පතු මුදල් නැවත ලබා ගත හැක.











