• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

චීනයේ ගංවතුර ගැන දෙස් විදෙස් ඇස් අවදි කළ ලෝක පූජිත බුද්ධ ප්‍රතිමාව

August 29, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
චීනයේ ගංවතුර ගැන  දෙස් විදෙස් ඇස් අවදි කළ  ලෝක පූජිත බුද්ධ ප්‍රතිමාව
Share on WhatsAppShare on Facebook

මීට මාස කිහිපයකට පෙර “චීනය” හෙවත් “චීන අධිරාජ්‍යය” ඉතාම ජනප්‍රිය වූයේ “කොවිඞ් 19” හෙවත් මාරාන්තික “කොරෝනා වෛරසය” එරටින් ව්‍යාප්ත වූ නිසාය. ඒ චීනයේ “වූහාන්” ප්‍රාන්තයෙනි. එහි බලපෑම අදටත් අපේ ලෝකයම අත්විඳමින් සිටියි. මේ ලියන මොහොත වෙන විට කෝටි ගණනින් නව කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති අතර ලක්ෂ ගණනින් ඊට ගොදුරුව සිය අවසන් හුස්ම පොද වාතලයට මුසුකර තිබේ. ශ්‍රී ලංකාවටද චීනයෙන් කොරෝනා බලපෑම ආ අතර එම නිසා තුන්දහසකට ආසන්න වූ ප්‍රමාණයක් කොරෝනා ආසාධිතයින් වූ අතර ජීවිත කිහිපයකටම තම ජීවිත කතාවට සමුදීමට සිදුවිය. එක් පැත්තකින් එම කතාව එසේ සිදුවෙන විට තවත් පැත්තකින් දැන් චීනය තවත් විශාල තර්ජනයකට මුහුණ දී සිටියි. ඒ දිනවල චීනයට බලපා ඇති අධික වර්ෂාව නිසා එරට බොහෝ ප්‍රදේශ ගංවතුර තර්ජනයකට ලක්වී තිබීමයි. එම ගංවතුර තත්ත්වය කොරෝනා තරමටම රට රටවල ජනප්‍රිය වී ගොස් ඇති අතර එයට හේතුව වී තිබෙන්නේ චීනයේ ඉදිකර තිබෙන සුප්‍රසිද්ධ ලීසාන් යෝධ බුද්ධ ප්‍රතිමාවයි.

ඉහතින් පැවසූ චීනයේ ඉදිකර තිබෙන සුප්‍රසිද්ධ ලීසාන් යෝධ බුද්ධ ප්‍රතිමාව යනු ලෝක ප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමාවකි. එය යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස පවා නම් කර තිබේ. කෙසේ වුවද චීනය යළිත් ජනප්‍රිය වී ලෝකයේම රටවල් අතරින් ඉහළට පැමිණියේ මෙම සුප්‍රසිද්ධ ලීසාන් යෝධ බුද්ධ ප්‍රතිමාව වහන්සේ වෙත ගංවතුර තර්ජන එල්ලවීමෙනි. මෙම “ලීසාන්” හෙවත් “ලෙෂන්” බුද්ධ ප්‍රතිමාවට මුලින්ම මෙසේ ගංවතුර තර්ජන එල්ල වූයේ මීට දශක හතකට පමණ ඉහත සමයේය. නමුත් එයින් ලීසාන් බුද්ධ ප්‍රතිමාවට අබමල් රේණුවක තරම් හානියක්වත් නොවූහ. කෙසේ හෝ චීනයට බලපා ඇති ගංවතුර තර්ජන හමුවේ පසුගියදා දශක හතකට පසුව යළිත් ලීසාන් බුද්ධ ප්‍රතිමාවට ගංවතුර තර්ජන එල්ල විය. ඒ මෙම යෝධ බුදු රුවේ පා යුගළටය. ඒ අනුව පසුගියදා ලීසාන් බුද්ධ ප්‍රතිමාවේ පා යුගළ පිටාර ගං දියෙන් තෙත්ව ගියහ. එම නිසාම ඒ වෙනවිට ලීසාන් බුද්ධ ප්‍රතිමාව පිහිටි භූමියේ සිටි සංචාරකයන් එකසිය අසූදෙනෙක් පමණ ආරක්ෂිත ස්ථාන සඳහා යොමුකළ බව චීන රාජ්‍ය මාධ්‍ය පසුව නිවේදනය කරන්නට විය.එයින් සුළු මොහොතකට පසු ලීසාන් බුද්ධ ප්‍රතිමාවේ පදනම දක්වා ජල මට්ටම ඉහළ ගිය බව සඳහන් විය. එපමණක් නොව පසුවට එය තවදුරටත් වර්ධනය විය.
මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වටා ගෙතුණු චීනයේ අපූර්ව වූ කතාවක් තිබේ. එනම් ලීසාන් බුද්ධ ප්‍රතිමාවේ පා ඇඟිලි ගංගා දියෙන් තෙමෙන්නේ නම් මිලියන දහසකට පමණ නිවහන වූ චෙන්ග්ඩු නම් ප්‍රදේශයත් ජලයෙන් යටවෙන බවට එහි ජනයා අතර ඇති තදබල විශ්වාසයයි. ඒ බව වරක් “ෂීන්හුවා” නම් රජයේ පුවත් ඒජන්සිය පවා වාර්තා කර තිබුණි. ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මෙසේ ගංවතුර තර්ජනයක් එල්ලවූයේ චීනයට සති ගණනාවක් පුරාවටම පැවති ධාරානිපාත වර්ෂාව නිසාය. එම නිසා බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට ගංගාවේ ජල මට්ටම බලාසිටියදී ඉහළ ගිය අතර අනතුරුදායක ප්‍රදේශවලින් ජනයා ඉවත් කරවා ගැනීම සඳහා බේරා ගැනීමේ කණ්ඩායම් පවා පසුව යොදාගන්නට සිදුවිය. එසේම මෙම ප්‍රදේශයට නාය යෑමේ රතු නිවේදනද නිකුත් කිරීමට එරට චීන රජය පියවර ගත් බව මාධ්‍ය හරහා වාර්තා විය. මේ අතර ගංවතුර කතාව එසේ වෙනවිට ලෝකයේ යෝධ බුද්ධ ප්‍රතිමාවක් වෙන ඉහතින් කී චීනයේ ඇති ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අතීත කතාව සොයන්නට මෙවර අප වෙහෙස විය. ඒ අනුව අප මෙතැන් සිට ලියන්නේ කිසිදු මුද්‍රිත මාධ්‍යයක් වාර්තා නොකළ මෙම “ලීසාන්” බුද්ධ ප්‍රතිමා වහන්සේගේ කතාවය.

චීනයේ ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්‍රි.ව 618 – 907 කාලය තුළ චීනයේ ලීසාන් ප්‍රදේශයේ ඉදිකර ඇති ප්‍රමාණයෙන් විශාල මහා බුද්ධ ප්‍රතිමාවකි. එය නෙළා ඇත්තේ සිචුවාන් පළාතේ ලීසාන් නගරය අසල ඇති මින්ජිආන්ග්, ඩාඩු සහ ක්වින්යි යන විශාල ගංගා තුන එක්වන මෝය අසල දකුණු කොටසේ ඇති සුවිශාල ශෛලමය බෑවුමක් තුළය. එම නිසාවෙන් එය ලෝක ප්‍රසිද්ධය. මෙම යෝධ ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ “එමි” නම් කඳුවැටියට මුහුණලා ඇති අතර ගංගාවන් ගමන් කරනුයේ බුද්ධ ප්‍රතිමාවේ පාදයන් අසලිනි. මෙම ප්‍රදේශය එනම් එමි කඳුවැටියත් ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි ප්‍රදේශයත් වර්ෂ 1996 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මේ අතර ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඊට ඉදිරියේ ඇති ගංගා ජල මට්ටමට වඩා තිබෙන්නේ බොහෝ ඉහළිනි. එම නිසාම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ අසලට යෑමට නම් අනිවාර්යෙන්ම ගංගාව තරණය කළ යුතුය. එසේ ගංගාව තරණය කර ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තුළින් ආශීර්වාදය ලබාගැනීම සඳහා දිනකට විශාල සංචාරකයෝ සහ වන්දනාකරුවන් ඒ අසලට බෝට්ටු ඔස්සේ එන යන බව සඳහන්ය.

අද ලෝකයේ සුප්‍රසිද්ධ මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙන්නේ ක්‍රි.ව. 713 දී පමණ වෙන අතර ඊට මුල් වූ බවට සඳහන් වන්නේ “හයිටොන්ග්” නම් චීන ස්වාමීන් වහන්සේ නමකි. එය ඉදිකිරීමට විශේෂ හේතුවක්ද තිබූ බව සඳහන්ය. එම හේතුව වන්නේ එවකට ජල පහරින් එරට වූ නාවික යාත්‍රාවන්ට සිදුවන අනතුරු අවම කර එම ප්‍රදේශයට ශාන්තිය උදාවනු දැකීමයි. එසේම මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම පිටුපස තවත් කතාවක් තිබේ. එය වන්නේ එවකට හයිටොන්ග් නම් ස්වාමීන් වහන්සේ මෙම යෝධ ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට රැස්කළ මුදල් එම ප්‍රදේශයේ බලධාරීන් විසින් අත්පත් කරගැනීමට උත්සාහ දරා ඇත. එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ තමන් වහන්සේ සතු වූ ඇස්දෙක උගුලුවා දුන්නත් මුදල් නම් ලබා නොදෙන බවයි. අප්‍රකට ඉතිහාසය තුළ උන්වහන්සේ කී ලෙසම ඇසක් ගලවා දුන් බවද සඳහන්ය.

මෙම බුද්ධ ප්‍රතිමාව සෑදීමට මුල් වූ හයිටොන්ග් ස්වාමීන් වහන්සේ අපවත්වීමෙන් පසු සුප්‍රසිද්ධ මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් අතරමග ඇනහිට ඇති අතර එහි අරමුදලද අවසන් වී තිබේ. එහෙත් එයින් වර්ෂ හැත්තෑවකට පමණ පසු ජයිඩිෂු නම් පළාතේ හමුදා පාලකවරයෙක් මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනෙකුත් ඉදිකිරීම් වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට තීරණය කළ බව පැවසෙයි. එහිදී හයිටොන්ග් නම් හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් විසින් ක්‍රි.ව. 803 දී පමණ මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේ. ඒ අනුව මෙම යෝධ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සම්පූර්ණ උස මීටර් හැත්තෑ එකක් හෙවත් අඩි දෙසිය තිස් තුනකි. තවද මෙම ප්‍රතිමාව පනවන ලැබූ අසුනක් මත පහසුවෙන් සිටින ඉරියව්වකට නිර්මාණය කර ඇත. මෙම ප්‍රතිමාවේ අත් දණහිස් මත තබාගෙන සිටියි. ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උරහිස් මීටර් විසි අටක් පමණ පළල අතර පාදයේ එක් ඇඟිල්ලක් සාමාන්‍ය මිනිසෙකුට පහසුවෙන් නවාතැන් ගැනීමට පවා ප්‍රමාණවත් බව පැවසෙයි.

එවකට මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් සඳහා දැනට මෙය ඇති ශෛලමය බෑවුම තුළින් අතිවිශාල වූ කළුගල් කුට්ටි විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවී තිබේ. ඒ නිසාම එසේ ඉවත්කළ කළුගල් කුට්ටි ගංගා පතුලේ තැන්පත් වීම නිසා ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇති ස්ථානයේ ගංගාවේ ජලපහරේ වේගය පවා සෑහෙන දුරට අඩුවී ඇති බව පැවසෙයි. මේ අතර ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ වෙනවිට විශාල ආකර්ෂණයක් දිනා ගෙන ඇති නිසාම අසල පිහිටි “යැන්ග්ට්සේ නදිය” සහ “ත්‍රී ගෝර්ජස් වේල්ල” අවට බෝට්ටු සවාරිද සංචාරකයන් අතර ජනප්‍රිය වී ඇත. නමුත් මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නැරඹීමට යන සංචාරකයන්ගේ නොමනා ක්‍රියාවන් නිසා මෙන්ම මෙම ස්ථානයේ සිදුවෙන අහිතකර වූ සංවර්ධන ක්‍රියාදාමයන් නිසා අවට පරිසරයද විශාල වශයෙන් දූෂණය වීමට පටන්ගෙන තිබේ. එය එතරම් හොඳ දෙයක් නොවන අතර සැබෑවටම එය ඉමහත් වූ කණගාටුවට කරුණකි. එනිසා එයට අනිවාර්යෙන්ම චීන රජය මැදිහත් විය යුතුය. එසේ නොවන්නට එහි බලපෑම නිසැකවම මෙම ලීසාන් බුද්ධ ප්‍රතිමාව දෙසට එල්ලවෙනු ඇත.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

DFCC වෙතින් ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් කිරීම උදෙසා විශේෂ තැන්පතු ගිණුමක්

Next Post

මරික්කාර් තියපු වාර්තාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.