• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාටත් හොරෙන් කූඩු වුණු සුළං කිරිල්ලී

August 29, 2020
in Heart
Reading Time: 2 mins read
A A
කාටත් හොරෙන් කූඩු වුණු සුළං කිරිල්ලී
Share on WhatsAppShare on Facebook

පාට සරුංගලයක් ඔස්සේ ටෙලි සිනමාවට ඈ අවතීර්ණය වූයේ තරුවක වීමේ දහසකුත් එකක් සිතුම් – පැතුම් පොදි බැඳගෙන නම් නොවේය.
නමුත් කලාකාරියක ලෙස ‘හරිහමන් යමක්කර පෙන්වීමේ’ උනන්දුව සහ ආශාව නම් ඇගේ සිත කොනක කොහේදෝ තිබුණේ පුංචි පුංචි ඉලක්ක හඹා යෑමේ ආශාවද සමඟය. ‘හිත ඇත්නම් පත කුඩාද යන කියමන සනාථ කරමින් මේ හරි අපූරු කලාකාරිය ටෙලි සිනමාවෙන් ඔබ්බට පියවර තැබුවේ ජාත්‍යන්තර සිනමාව හමුවේද තම නාමය රන් අකුරින් ලියමින්ය. ඈ කවුද..?
ඈ දමිතා අබේරත්නය.
‘සුළං කිරිල්ලී’ සමඟ පියාසලා ගොස් සම්මාන දෝතක් සමඟ රතු පලස මතින් පැමිණ ශ්‍රී ලාංකේය සිනමාවට අභිමානය ගෙන පැමිණි ඈ දමිතා අබේරත්නය.
දමිතා ගැන ‘හාට්’හී මෙලෙස අකුරු කරන්නට එක් විශේෂ හේතුවක් විය.
ඒ, ඈ පතිනියක ලෙස පතිකුලයට පිවිසීමය.
පළමුව සුබපැතුම් දමිතා ඔබේ නව දිවි ගමනට?
බොහොම ස්තුතියි.
මීඩියාවලට නොදන්වාම වෙඩින් එක ගත්තේ මේක හදිසි විවාහයක්ද?
අපොයි නැහැ, අවුරුදු ගණනක දැන හඳුනුම්කම මත ඇති වූ පෙම් සබඳතාවයක බැඳීමක් තමයි මේ විවාහයෙන් කෙළවර වූයේ.
ඇත්තම ජීවිතය තුළ මනමාලියක විදියට හැඩ වෙන්න ලොකු ආශාවක් එදා තිබුණු නිසා තමයි වෙඩින් එකක් මෙහෙමවත් ගත්තේ. නැත්නම් මේක මීටත් වැඩිය බොහොම චාම් වෙඩින් එකක් වෙන්න තිබුණා.
ඔබේ අත ගත් සහකරු කලාවට සම්බන්ධ කෙනෙක්ද?
නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. නම හෙන්ලි ජොන්සන්. වසර ගණනාවක්ම විදේශගතව සිටි කෙනෙක්. ඒ වගේම මමත් ඔහුත් බොහොම සරල මට්ටමේ සිට ජීවිතය දෙස බලන දෙන්නෙක් වීම අපේ සම්බන්ධතාවට පහසුවක් වුණාය කිව්වොත් හරි.
විවාහය මෙතෙක් කල් ගියේ ඔබේ කලා කටයුතු සඳහා අවැසි නිදහස ලබාගත් නිසාද?
දෙන්නම කාර්යබහුලව සිටි නිසයි එය එලෙස සිදුවුණේ. නමුත් අපේ විවාහය රෙජිස්ටර් කරතිබුණේ මීට අවුරුදු හතරකට කලිනුයි. වඩා චාමෙට පවත්වන්න හිටපු මෙයට තරමක හෝ උත්කර්ෂවත් පෙනුමක් ආවේ අපේ සමීපතම මිතුරු කැල නිසයි.
ඔවුන්ගේ ඒ හිතවත්කම ගැන වචනයක් හෝ කියනවා නම් හොඳයි කියලා හිතුණු නිසා මේ කතාබහ තුළ එයට පුංචි අවසරයක් ඉල්ලන්නම්.
ප්‍රණීත් ජයවීර තමයි මාව ඩේ‍රස් කළේ. හෙයාර් ස්ටයිල් මේකප්, මල් බොකේ සහ කේක් ස්ට්‍රක්චර්ස් සඳහා සහාය දුන්නේ ලඛිත උක්වත්ත සහ මලිත් හෙට්ටිහේවා, ඉසුරුමුණියේ සහ පාමංකඩ අලංකාර හෝටල් පරිසරයක කළ ‘ෆොටෝ ෂූට්’ ප්‍රියංක රත්නායකගේ කැමරාවෙන් හැඩවුණා.
තවත් යමක් ඉතාම විශේෂයෙන් මතක් කරන්නට ඕනෑ. ඒ තමයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් තිලකරත්න සහ මංජුලා යන සහෝදර හිතවතුන් ඕස්ටේ්‍රලියාවේ ඉඳගෙනම මට දුරකතනයෙන් කතා කර කීවේ, ෆොටෝ ෂූට් ඕනෑම විදියකට නිදහසේ කරගන්න එයාලගේ පාමංකඩ හොටෙල් එක ඕනෑම මොහොතක භාවිතයට ගන්න කියලයි.
එක වහලක් යටට පිළිවෙළක් වෙන්න කාලය දැන් හරිය කියලා හිතුණ නිසා විවාහය මෙලෙස සිදුවුණා.
ඔව්… කාලය හරි, අපේම කියලා පුංචි ව්‍යාපාරයකුත් සමඟ අපේ හෙට දවසේ ජීවිතය පටන්ගන්න අවැසි පසුබිම සැකසුණා කියලා අපි දෙන්නටම දැනුණා ඇත්තටම.
විවාහයෙන් පසුව ඔබ කලාවෙන් සමුගන්න අදහසක් තියෙනවද දමිතා?
තවම නම් එහෙම අදහසක් නැහැ. ඔහු මට නිදහස දීලා තියෙනවා එය තීරණය කරන්නට.
එහෙම නම් අපි කලා තොරතුරු ගැන කතා කරමු?
තොරතුරු ගැන කියනව නම්, ‘ඉඟි බිඟි’ සහ ‘සඳ ගොමුව’ ටෙලිනාට්‍යවල රූගත කිරීම් සිදුවෙනවා. මේ දවස්වල ඒ අතරම මුලින් රෝහිත එදිරිසිංහගේ ‘මනුසත් විමන’ ටෙලිනාට්‍ය හෙට අනිද්දා විකාශනය වීමට නියමිතයි.
ටෙලි නිළියක ලෙස ජනප්‍රියව සිටි ඔබ සිනමාවට පියාසලා ගියේ ‘සුළං කිරිල්ලී’ නිසාද?
නැහැ, මම සිනමාවට පැමිණියේ ‘මී හරකා’ චිත්‍රපටය තුළිනුයි. ඉන්පසුව තමයි ‘සුළං කිරිල්ලී’ සඳහා ආරාධනා ලැබුණේ.
‘සුළං කිරිල්ලී’ ඔබේ ජීවිතයේ අමරණීය මතක සටහනක් නේද දමිතා?
සහතික වශයෙන්ම ‘සුළං කිරිල්ලී’ නිසා මට ලැබුණු දෑ මට මගේ ජීවිතයටත් වඩා වටිනවාය කියන එක අනිවාර්යයෙන් කියනවා.
ඔබ ‘සුළං කිරිල්ලී’ තිර පිටපත බාර ගැනීම පළමුව ප්‍රතික්‍ෂේප කළා කියන්නෙ ඇත්තද?
ඔව්. ඒ චිත්‍රපටයේ තියෙන සමහර සීන් නිසා එය බාර ගන්න එපාය කියන ඉල්ලීම මගෙන් කළා.
ඉන්පස්සේ එහි අධ්‍යක්‍ෂිකා ඉනෝකා සත්‍යාංගනී මාව සොයාගෙන නැවැත ඇවිදින් අම්මා ඉස්සරහාම කිව්වා.
රතීව මම නිර්මාණය කළේ දමිතා නිසාමයි. එම රංගනයට වෙනත් විකල්ප නැහැ. මම ගැහැනියෙක්. මා තුළ සිටින ඒ ගැහැනිය තවත් ගැහැනියකට නින්දා කරන්න හිතන්නෙවත් නැහැ. ඒ හින්දා දමිතා ගැන ‘අම්මා’ මේ චිත්‍රපටයෙහි රඟපාන එක ගැන පොඞ්ඩක්වත් වද වෙන්න එපා කියලා.
ඉනෝකාගේ ඒ වචන කිහිපය තුළ ඔබ ‘සුළං කිරිල්ලී’ සමඟ එක්වුණා?
ඔව්… ඒ වචන ටික විතරක් නෙවෙයි, ඉනෝකා කියන ඒ අපූරු නිර්මාණකාරිය මගේ මූණ දිහා බලාගෙන තව අමුතු කතාවක් කිව්වා. ඒ තමයි,
‘මම එක දෙයක් කියන්නම් අද, ‘රතී’ චරිතය දමිතා වෙනුවෙන් ලියන කොට මම යම් හීනයක් දැක්කා. දැක්කාම නෙවෙයි, මගේ යටි හිතට ඒක පෙනුණා. ඒ හීනේ තිබුණා දිගම දිග රතු පලසක්, ඒ පලස උඩ පය තියලා සම්මානයකුත් අරගෙන දමිතා හෙමින් හෙමින් ඇවිදගෙන ආවා.’
මතක තියාගන්න දමිතා ඒක හීනයක්ම නෙවෙයි. කවදාවක හරි ඔයා ‘රතී’ වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට පත්වන එක ස්ථිරයි කියලා මම අද කියනවා.
ඔබ ඒ මොහොතේ යම් පුදුමයකට බඳුන් වුණාද?
බොහෝ පුදුම වුණා මම, ඉනෝකා අක්කා දිහා මම බලාගෙන හිටිය. මම පස්සෙ ඇගෙන් ඇහුවා ඇයි මෙහෙම දෙයක් කිව්වේ කියලා.
ඇය හිනාවෙලා කිව්වා, අනේ මන්දා මමත් දන්නෙ නැහැ. මට එහෙම කියන්න හිතුණෙ කියලා.
ඉනෝකාගේ ඉඟිය හරියටම හරි නේද?
ඕනෑවටත් වඩා ඒ ඉඟිය හරිගියා. ඈ කීවේ එක සම්මානයක් ගැන. නමුත් මම දෙවරක්ම ‘සුළං කිරිල්ලී’ වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැගෙන ආවා. ඈ කී ආකාරයටම ‘මව්බිම’ට මා දුන් ඒ ගෞරවය වෙනුවෙන් රතු පලසක් මා එන මග එළුණා.
එහි ගෞරවය හිමිවිය යුත්තේ ඉනෝකා සත්‍යාංගනී නම් කලාකාරියටද?
සතුට බෙදා ගන්නා මොහොතේ මමද ඇයට කීවේ එයයි. හැබැයි ඉනෝකා අක්කා කිව්වේ මම කළේ ‘රතී’ට මැව් එක විතරයි. එයට අවශ්‍ය නියම ජීවය දුන්නෙ ඔයයි දමිතා’ කියලයි. මම එය ඈ සිතූ ලෙස නොකළා නම් මේ කීර්තිය පුස්සක් පමණයි කියාද ඈ කිව්වා. නමුත් මම අද මෙතැනිදී හැමදාමත් කියනවා. ඉනෝකා සත්‍යාංගනී නම් ඒ අපූරු නිර්මාණකාරිය ‘රතී’ වෙනුවෙන් මා තුළ ඇති කළ මෙහෙයවීම මත තමයි මේ සියල්ල මට ලැබුණේ කියලා.
බොහෝ විට සංකීර්ණ චරිත හරහා පැමිණි ඔබ හිටිඅඩියේ ප්‍රහර්ෂණයට මැදිව සිටිනවා නේද දැන්?
ප්‍රහර්ෂණය තරම් අසීරු කලාවක් රංගනය තුළ වෙනත් නැති තරම්. අඬවනවා හෝ සනසනවා තරම් පහසුවට ප්‍රේක්‍ෂකයන් හිනස්සන්න බැහැ. මා මේ කියන්නේ කිතිකවනවා හිනස්සන්න ප්‍රහර්ෂණ කලාව ගැන නෙවෙයි. නිරායාසයෙන්ම ඒ ප්‍රේක්‍ෂකයන්ගේ මුවට එන සිනහව ගැනයි. එලෙස ඔවුන්ව හිනැස්සවීම ඉතාම අසීරුයි. ප්‍රහර්ෂණය කියන්නෙ ඒ තරමට අපූරු කලාවක්. ඒ තුළ මම සාර්ථක වූවා නම් මට එය ගෞරවයක්.
අනෙක කලාකරුවන් යන පිරිස එක තැනක කොටු වෙනවාට වඩා හෝ කොටු කරනවාට වඩා රංගනය තුළ හැම ඉසව්වක්ම ස්පර්ශ කිරීම තුළ ඔවුන් තව තවත් අද්විතීය වෙන බවයි මගේ හැඟීම වන්නේ.
ප්‍රවීණයන්ට ගරු කිරීම තුළ ඔබ නිතර කතාබහට ලක්වූ රංගවේදිනියක්?
නවකයන් තුළ ඒ ගුණාත්මක බව නැති එක කනගාටුයි ඇත්තටම. මම අදටත් මඟතොටේදී, කොහේ හෝ උත්සව අවස්ථාවකදී වුවද ප්‍රවීණයන් කෙරෙහි ඉතාම ගෞරවනීයව හැසිරෙනවා.
ඒ වගේම සෙට් එකේදී පවා ප්‍රවීණයන් සමඟ කටයුතු කරන විටද නිතර පසුවන්නේ යම් තිගැස්සීමකින් වාගෙයි.
ඒ හින්දද දවසක් සෙට් එකේදි ‘ස්ටෑන්ඞ් බයි’ කියද්දී කලබල වෙලා නැඟිට්ටේ ඔබ?
අයියෝ… පරණ සීන් එකක්. හැබැයි තවමත් ඒ ගැන කියලා සමහරු මට විහිළු කරනවා. නාලන් මෙන්ඩිස් මහත්තයාගේ ‘පස්සෙ ගෙනා මනමාලි’ ටෙලිනාට්‍යයේදී මම රඟපෑවේ ගීතා කාන්ති අක්කගේ කුඩා කාලේ චරිතය. ප්‍රවීණයන් සමඟ ගැවසුණු ඒ නිර්මාණයේ මම හිටියේ බොහොම තිගැස්මෙන්. එහි යම් කොටසක් රූගත කරන මොහොතේ නාලන් මහත්තයා ‘ස්ටෑන්ඞ් බයි’ කියලා කෑගහන කොට මාව නැඟිට්ටුණේ ඉබේටමයි. හිනාවෙන සද්දෙ ඇවිදින් වට පිට බැලුවමයි නිච්චි ආවේ සෙට් එකේ යන සීන් එකකටයි ඒ අණ දීලා තියෙන්නෙ කියලා.
තව තියෙනවද දමිතා ඒ වගේ රසවත් සිදුවීම්?
අනන්තයි, අප්‍රමාණයි. හැබැයි දැන් නම් ඔළුවට එන්නෙ නැහැ. වෙන දවසක ආටිකල් එකක් කරන්න තරමට ඒ වාගේ සිදුවීම් ටිකක් ගැන කියන්නම්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලග්නයට නොදෙවැනි නවාංශකයේ රහස්

Next Post

DFCC වෙතින් ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් කිරීම උදෙසා විශේෂ තැන්පතු ගිණුමක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.