DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙස පත්කර තිබේ. පසුගියදා කොළඹදී පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකෙරිණි. ඒ අනුව 2021 වසරේ ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වෙන තෙක් ලක්ෂ්මන් සිල්වා මහතා මෙම තනතුර දරනු ඇත. මීට පෙර 2019/2020 කාලසීමාව සඳහා මෙම සංගමයේ සභාපති ලෙස දීමන්ත සෙනෙවිරත්න මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා බැංකු සංගමය යනු ශ්‍රී ලංකාවේ බැංකු සියල්ලටම එකම වේදිකාවක සිට පොදු ඉලක්ක වෙනුවෙන් වැඩ කිරීම සඳහා පසුබිම සකස් කරන සංගමයකි. එමගින් එම බැංකුවල ගනුදෙනුකරුවන්, ආයෝජකයන්, සේවක සේවිකාවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා බැංකු සංගමයේ නායකත්වය යටතේ බැංකු ක්ෂේත්‍රයට අදාළ ගැටලු සාකච්ඡා කිරීමට මෙන්ම මෙරට බැංකු ක්ෂේත්‍රයට දියුණුව කරා ගමන් කළ හැකි නව මාවත් හඳුනා ගැනීමට විවිධ බැංකු කටයුතු කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සමග අත්වැල් බැඳගනිමින්, තිරසාරත්වය කරා යන ගමන සාර්ථක කරගැනීම සඳහා වැදගත් වන ස්වේච්ඡා මූලධර්ම 11ක් සම්මත කරගෙන ඒවා භාවිතය සඳහා තම සාමාජික බැංකු යොමුකර වීමටද එම සංගමය සමත්වී තිබේ.