• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කේන්දරෙන් හෙළිවන හාට් ඇටෑක්

November 14, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කේන්දරෙන් හෙළිවන හාට් ඇටෑක්
Share on WhatsAppShare on Facebook

මේ තත්ත්වය කළින් හඳුනාගෙන ආරක්ෂා වීමට කටයුතු කළ හැක

ඕනෑම දෙයක් සම්බන්ධයෙන් බොහෝ කාලයකට පෙර යමක් පවසන්නේ නම් ඒ ජ්‍යොතිෂයෙන් පමණකි. එහිදී කෙනකුගේ රෝගාබාධ සම්බන්ධයෙන්ද කලින්ම යමක් පැවැසිය හැක්කේ සහ ඉදිරියේදී වැලඳිය හැකි රෝගාබාධ ගැන පූර්ව අවබෝධයක් ලබාගත හැක්කේද ජ්‍යොතිෂයෙන් පමණක්ම වන අතර, මේ කාලයට මේ මේ අසනීප කරදරවලට මුහුණ පෑමට සිදුවනවාය යන්න විස්තරාත්මකව හඳුනා ගන්නටද ජ්‍යොතිෂයට හැකියාව ඇත. ඒ අනුව වර්තමානයේ ඉතා බහුලව දක්නට ලැබෙන රෝගාබාධයක් වන හදවත් රෝග ගැන වුවද කේන්දරය ඇසුරින් ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ එම කරුණු කලින් හඳුනාගැනීම හරහා ඊට සුදුසු ප්‍රතිකර්ම කරගැනීමට ලැබීමයි. එයින් රෝගය උස්සන්න වී අසාධ්‍ය වීමකින් තොරව සුවකර ගැනීමටද හැකි වෙනවා.

හෘදය සම්බන්ධ රෝග පිළිබඳ දැනගැනීමට ක්‍රම බොහොමයක් ජ්‍යොතිෂයේ තිබෙනවා. එහිදී හෘදය සම්බන්ධයෙන් අනාවරණය කරගත හැකි භාවයන් ලෙස ලග්න භාවය, 4, 6, 8, 11, 12 යන භාවයන්ද වැදගත් වෙනවා. ඊළඟ කාරණය තමයි හෘදයාබාධ ගැන පැහැදිලි කිරීමේදී කේන්දරයේ ඇති ග්‍රහ පිහිටීම්වලින් කටක රාශිය හදවත හා ආමාශ ප්‍රදේශය පාලනය කරනවා. මෙම රාශිය පීඩාවට පත්වීමෙන් ජන්මියාගේ සිරුරෙහි පපුවේ කැක්කුම, උදරයේ වාතය පිරීමෙන් සිදුවන අපහසුතා, හදවත් රෝග ආදියට පහසුවෙන් ලක්වීමේ හැකියාව පවතිනවා. එසේම මකර හෝ කටක යන රාශි දෙකෙන් කුමන හෝ රාශියක රවි ග්‍රහයා බලවත් සේ පීඩාවට පත්ව තැන්පත් වීමෙන් හෘදයාබාධ සඳහා වැඩි අවදානමක් ඇති වෙනවා. එවැනි ජන්ම පත්‍රයක් හිමියකුගේ ප්‍රධාන වගකීම බොහෝ පූර්ව ආරක්‍ෂක ප්‍රතිකර්ම පිළිවෙත් සහ ප්‍රතිකාර පිළිපැදීම තුළින් තමන්ට ඇති විය හැකි බාධා තත්ත්වය මඟහරවා ගැනීමට කටයුතු කිරීමයි. ඊළඟ කාරණය තමයි රවි ග්‍රහයා පීඩාවට පත්වූ පමණින්ම හෘදයාබාධ ඇති නොවන අතර, එය මේ සඳහා ආසන්නම සාධකය වෙද්දී ඊට තවත් බොහෝමයක් ග්‍රහ පිහිටීම් බලපානු ලබනවා.
එවැනි ග්‍රහ තත්ත්වයන් තමයි කේන්දරයක රවි ග්‍රහයා පීඩිතව සිටිමින් 6, 8 අධිපතීන්ගේ සම්බන්ධතාවය ඇතිව සිටීම හා 4, 5 යන ස්ථානවල අධිපතීන් පාප පීඩිත වීම. ඒ වගේම හෘදය ආශ්‍රිතව බලපෑම් ඇති කරන ප්‍රධාන ග්‍රහයන් වන්නේ රවි, සඳු හා ගුරුයි. එම ග්‍රහයන් පාප පීඩිත වීම ඉහත රෝග තත්ත්වයනට ප්‍රධාන සාධකයක් සේ සලකන්න පුළුවන්.

හෘදයාබාධයක් ඇති විය හැකි කාලසීමා ලෙස සඳහන් කරද්දී මහා දශා සහ අතුරු දශා ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඉහත දැක්වූ ග්‍රහයන් පීඩාවට පත්වීම තුළ 6, 8 අධිපතීන්ගේ මහා දශා, අතුරු දශා කාල සීමාවන් හෝ රවිගෙන් නැතහොත් කේන්දරයේ 4 වැන්න අධිපතියාගෙන් 2 වැන්නේ හෝ 12 වැන්නේ තැන්පත් ග්‍රහයා හෝ රවිගෙන් හෝ 4 වැන්න අධිපතියාගෙන් 2, 12 අධිපති ග්‍රහයන්ගේ මහා දශා, අතුරු දශා කාලවලදී හෘදයාබාධ සඳහා වැඩි ඉඩකඩක් පවතිනවා.

ඒ වගේම 22 වැනි දෙර්කාණාධිපති හෝ 64 වැනි නවාංශකාධිපති ග්‍රහයන්ගේ බලපෑමත්, හෘදයාබාධ සඳහා හේතු වෙන්න පුළුවන්. එම ග්‍රහයන් කේන්දරයක අසුබම ග්‍රහයන් ලෙසයි ක්‍රියා කරන්නේ. එම නිසා මේ අයගේ බලපෑමත් එල්ලවීමට ඉඩකඩ තිබෙනවා.

ඊළඟ කාරණය තමයි හෘදයාබාධ සඳහා හේතු වන කේන්දරයේ ග්‍රහ බලපෑම් සමනය කළ හැකිද යන කාරණය. ඇත්තෙන්ම එය කළහැකි දෙයක්. ඒ සඳහා දුර අතීතයේ සිට විවිධ සෙත් ශාන්ති, ශාන්තිකර්ම ආදිය යොදාගෙන තිබෙනවා. ඒ වගේම නිසියාකාරව කේන්දර පරීක්‍ෂා කර අදාළ තත්ත්වය ඉතා හොඳින් හඳුනාගෙන ඊට අවශ්‍ය සෙත් ශාන්ති මොනවාද යන්න වටහාගෙන ඒවා කරන අතර, අවශ්‍ය වෛi උපදෙස් අනුව කටයුතු කළ හැකි නම් හෘදයාබාධ කියන්නේ ඉතා පහසුවෙන් මඟහරවා ගතහැකි දෙයක්.

මෙය එක් එක් අයගේ ජන්ම පත්‍රවල ග්‍රහ පිහිටීම් අනුව වෙනස් වුවද පොදුවේ ගත්කල සෑම කෙනකුටම ග්‍රහ අපල තත්ත්වයන් දුරුකර ගන්නට බෝධි පූජා, බුද්ධ පූජා, සෙත්කවි ගායනා, නවග්‍රහ ගුණ යන්ත්‍ර පැලඳීම්, දේව පූජා ආදිය ඉටුකර ආරක්‍ෂාව සහ ආශීර්වාදය ලබාගන්න පුළුවන්.

මේ අනුව පැහැදිලි කරගත යුත්තේ හෘදයාබාධ ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවයි. ඒ සඳහා තම ජන්ම පත්‍රය සිය පවුලේ ජ්‍යොතිෂවේදියාට ලබාදී පරීක්‍ෂා කරවාගෙන ඊට අවශ්‍ය වත්පිළිවෙත්වල යෙදීමයි.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

සීතල කඳුකරය උණුසුම් කළ පුංචි යකඩ යකා

Next Post

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙස පත්වේ

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.