කාටත් ගැළපෙන DFCC බැංකුව මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ සිය ගනුදෙනුකරුවන් මුහුණ දෙන දුෂ්කරතාවන් මැනවින් හඳුනා ගනිමින් එම දුෂ්කරතාවන් අවම කිරීම සඳහා විවිධ පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ අනුව ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ෘත්‍ක්‍ක් බැංකුව පියවර රැසක් ගෙන තිබේ. මාර්තු 20 ගනුදෙනු ප්‍රකාශනයන් සඳහා අදාළ වන ගෙවීම් සිදුකිරීමේ සීමාව 2020 මැයි 11 දක්වා දීර්ඝ කිරීම, මාර්තු 25 සිට මාර්තු 30 දක්වා නිකුත් කරන ලද ගනුදෙනු ප්‍රකාශනයන් සඳහා අදාළ වන ප්‍රමාද ගාස්තු කපාහැරීම සහ අප්‍රේල් 04 සිට සැප්තැම්බර් 30 දක්වා අවම ගෙවීම 5% සිට 2.5% දක්වා අඩු කිරීම ආදිය මීට ඇතුළත් වී ඇත. එමෙන්ම මාර්තු 25 දින සිට ජූනි 30 දක්වා සිදුකරන ලද, රු.50,000 දක්වා වන දේශීය ගනුදෙනුවලට අදාළ වාර්ෂික පොලී අනුපාතය 15% දක්වා අඩු කර තිබේ.
ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා ණය සේවාවන් ලබාදීමටද DFCC බැංකුව පියවර ගෙන ඇති අතර, ඒ අනුව ක්‍රෙඩිට් කාඞ්පතට අදාළ ණය සීමාවෙන් 75%ක මුදල් අත්තිකාරමක් ලබාගැනීමටත්, එය වෙළඳපොළේ අවම පිරිසැකසුම් ගාස්තු යටතේ මාස 24ක කාලයක් තුළ වාරික වශයෙන් ගෙවීමටත් අවස්ථාව ලැබේ. තවද අවම සේවා ගාස්තුවක් යටතේ වෙනත් ක්‍රෙඩිට් කාඞ්පත්වල ශේෂය DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පතක් වෙත මාරු කිරීම, රු. 10,000ට වැඩි මිලදීගැනීම් මාස 24 පහසු ගෙවීම් ක්‍රමයක් බවට පරිවර්තනය කරගැනීම සහ තෝරාගත් අලෙවිසැල්වලදී එදිනෙදා භාණ්ඩ, ආහාරපාන හා සංචාරක සේවාවන් සඳහා 50%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.











