අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමත් සමග අද (11) දිනයේදී එම රෝගීන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
මෙසේ පළමුව වාර්තා වී ඇත්තේ සාජන් මේජර්වරයකුට කොරෝනා රෝගය වැළදී ඇති බවකි.
හෙතෙම පසුගිය සතියේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දේශනයකට සහභාගී වී ඇති අතර එහිදී ඔහුට රෝගය වැළදී ඇති බව දැනගන්නට ඇත.
පසුව ඔහු රාජාංගණ ප්‍රදේශයේ නිවෙසට පැමැණීමෙන් අනතුරුව ඔහුගේ දරුවන් දෙදෙනාටද රෝගය වැළදී ඇත.
එම දරුවා පසුගිය දින කිහිපයේ පාසල් ගොස් තිබූ බැවින් මේ වනවිට එම පාසලේ දරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
මීට අමතරව මෙම නිලධාරියා බෙහෙත් ගැනීමට ගිය ස්ථානයක් සහ සෙසු ස්ථාන පිළිබදවත්, එහිදී ඇසුරු කළ පුද්ගලයන් පිළිබදවත් මෙම් වනවිට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.








