ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී රසවත්, සූපවේදී අත්දැකීමක් සපුරා ගැනීම වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම Crystal Jade Hong Kong Kitchen ජාත්‍යන්තර අවන්හල පසුගියදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී විවෘත විය.
එම විවෘත කිරීමේ අවස්ථාව සඳහා Softlogic Holdings PLCහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා සමඟ Crystal Jade Culinary Concepts Holdingsහි ප්‍රධාන විධායක නිලධාරි ඩග්ල්ස් ඩෝබර් මහතා සහභාගි විය.
Softlogic Holdings PLCහි පූර්ණ හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක Softlogic Restaurants (Pvt) Ltd අන්තර්ජාතික අවන්හල් සන්නාමයන් රැසක් හරහා ශ්‍රී ලාංකේය ආහාර ලෝලීන් පිනවීමට කටයුතු කරමින් සිටින අතර එහි සිව්වැනි සාමාජික සන්නාමය ලෙස Crystal Jade Hong Kong Kitchen Restaurant දියත් කිරීමට Softlogic කටයුතු කරනු ලැබීය.