කොමර්ෂල් බැංකුව හඳුන්වා දුන් නව්‍ය ඩිජිටල් බැංකු ගිණුම වන ‘ෆ්ලෑෂ්’ බැංකු ගිණුමක් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොගොස් විවෘත කිරීම, සක්‍රීය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා බැංකුව විසින් වීඩියෝ ඇමතුම් තුළින් ගැනුම්කරුවා හඳුනාගැනීමේ නව ක්‍රමයක් හඳුන්වාදී තිබේ.
මෙම සුවිශේෂ ඩිජිටල් KYC (ඔබේ ගනුදෙනුකරුවා හඳුනා ගැනීම) ක්‍රියාවලිය මගින් බැංකුවට ගනුදෙනුකරුවා දුරක සිටියත් ඔහු හෝ ඇය හඳුනාගැනීමේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ‘ෆ්ලෑෂ්’ ගිණුමේ සම්පූර්ණ ප්‍රවේශය සියලු පහසුකම් සමගින් සක්‍රීය කිරීමට හැකිවී ඇත. මෙම පහසුකම් අතර අනෙකුත් බැංකු ගිණුම් ඒකාබද්ධ කිරීමද තිබෙන අතර මේ තුළින් ගිණුම් හිමියාට වෙනත් බැංකුවක ගිණුමකින් ‘ෆ්ලෑෂ්’ ගිණුම සඳහා මුදල් ප්‍රේෂණය කළ හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. ගනුදෙනුකරුවන්ට ලබාදී තිබෙන ස්වයං ලියාපදිංචි වීම තවදුරටත් පහසු කරමින් කොමර්ෂල් බැංකුව විසින් ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ගිණුමක් ආරම්භ කරන ගනුදෙනුකරුවන්ට තමන්ගේ පුද්ගලික තොරතුරු කිහිපයක් පමණක් ඉතාමත් සරලව පුරවා ඒවා තමන්ගේ ‘ෆ්ලෑෂ්’ ජංගම දුරකතන ඇප් පහසුකම මගින් අප්ලෝඩ් කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.