ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව මෙරටට විදේශ ප්‍රේෂණ එවනු ලබන විදෙස්ගත ශ්‍රී ලාංකික ජනතාව ඇගයීම වෙනුවෙන් සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධාන කර ඇත.
වර්තමානයේ මෙරටට දැඩි අවශ්‍යතාවක්ව පවතින විදෙස් මුදල් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම, එසේ මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ නීත්‍යනුකූල ක්‍රමවේදයන් ඔස්සේම එවීම සඳහා දිරිගැන්වීම මෙන්ම මෙරට ප්‍රේෂණ වෙළෙඳපොළ තුළ සිය ප්‍රතිශතය වර්ධනය කරගැනීම ලංකා බැංකුව මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් අරමුණු කරන අතර එය 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන අනුව දිනපතා දිනුම් ඇදීම් මගින් රුපියල් 10,000ක් වටිනා ත්‍යාග වවුචර් 365ක්, සතිපතා දිනුම් ඇදීම මගින් රුපියල් 100,000 තෑගි වවුචර් 48ක්, මාස්පතා දිනුම් ඇදීම මගින් රන් කාසි 75ක් මෙන්ම අවසන් මහා දිනුම් ඇදීමේදී රුපියල් මිලියන 30ක් වටිනා අධිසුඛෝපභෝගී නිවෙසක් ආදී වශයෙන් වටිනා ත්‍යාග රැසක් ලබාදීමට නියමිතය.











