• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…

May 8, 2022
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…
Share on WhatsAppShare on Facebook

අනංගයා, මල්සරා එහෙමත් නැත්නම් ආදරයට, ප්‍රේමයට, කාමයට අධිපති මිනිස් සිත තුළ රාගී හැඟුම් ඇතිකරවීමේ වගකිව යුත්තා මල්සරා යැයි කියයි. විටෙක තම සිතැඟි පරිදි විරුද්ධ ලිංගිකයකු වසඟ නොවූ කල අපට තව මල්සරා විද නැතැයි කටකතාවට කියන පුරුද්දක්ද වෙයි. කෙනකු ඕනෑවට වඩා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි යොමුවන විටද එහි වගකීම භාර කරන්නේ මල්සරාටය. කල වයස ගෙවීයන තුරු විවාහයක් හරි නොයන විටද මල්සරාට බැණවදින්නෝ අනන්තවත් සිටිති. ගැහැනුන් පිරිමින් තුළ රාගය ඇතිකරන්නට සමත් වන්නේද මල්සරාම බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. මල්සරා තම අත නිතරම උක්දඬු දුන්නක් සහ මල්හී සරයක් තබාගෙන සිටින බවත්, සුදුසු පුද්ගලයන් දුටු විට වහා ක්‍රියාත්මක වී හීසර විදින බවත් ජන විශ්වාසයයි. ඇතැම් ගැහැනුන් පිරිමින් අධික ලෙස කාමාශා ඇතිව කටයුතු කිරීමත් බොහෝ අය කෙරේ පෙමින් බැඳීමත් අනංගයාගේ හීසර නළලට වැදීමෙන් සිදුවන්නක් බවටත් ජනප්‍රවාදයන්හි එයි.

එසේ බලන විට මල්සරා යනු ලෞකික ජීවිතය රසවත් කරවන ගැහැනුන් පිරිමින් අතර සබඳතා ඇතිකරවන අයෙකි. මල් හීසර වැදුණු පසු ගැහැනුන්ට පිරිමින් නොමැතිවත්, පිරිමින්ට ගැහැනුන් නොමැතිවත් වෙසෙන්නට බැරි බවයි පැවසෙන්නේ.

රාගයට කාමයට ආදරයට සම්බන්ධ මල්සරා යනු කාමාවචර දෙව්ලොවට අධිපති බවටත් විශ්වාසයක් ජනප්‍රවාදයේ එයි. මේ කාම ලොව බලවතා මෙරට සුවිශේෂ ස්ථානයකදී ඔබට දැකබලා ගන්නට ලැබෙන බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. එම ස්ථානය වෙන කොහේවත් නොව තොටගමුව විහාරයයි.

ඔබට ඇතිවන ඊළඟ ප්‍රශ්නය විහාරයකට අනංගයා ආවේ කුමටද, කෙලෙසකද යන්නය. ඒ පිළිබඳ මතවාදයන් රාශියකි.

තොටගමුව විහාරය සතුව අලුත් විහාරය සහ පරණ විහාරය ලෙස වෙන් කළ පිළිම ගෙවල් දෙකක් ඇති අතර, මෙහි අලුත් විහාරය මහනුවර රාජධානි සමයට අයත් වන්නක් බව හඳුනාගෙන තිබේ. එහි විහාරයට ඇතුළු වන ශාලාවේ සිට විහාර ගර්භයට පිවිසීම සඳහා ඉදිකළ දොරටු දෙකකි. ඒ සඳහා විශාල මකර තොරණ දෙකක්ද ඉදිකර තිබේ. මේ සුවිශේෂ මකර තොරණ දෙක අතර ස්ථානයේ අනංග දේව ප්‍රතිමාව ඉදිකර තිබෙනු දැකගත හැකිය. ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක දැකගත නොහැකි මේ අනංග දේව ප්‍රතිමාව තොටගමුව විහාරයට පමණක් ආවේ කෙසේද යන්න පිළිබඳ මත රාශියකි. ඇතැම් විට මල්සරා, කාමාවචර දෙව්ලොවට අධිපතිව හිඳ කාමයට මුල්ව කටයුතු කර බුදුහිමියන්ගේ බුද්ධත්වයට බාධා කළ අයකු සේ සලකා මොහුගේ මූර්තියක් විහාරය තුළ ඉදිකරන්නට ඇතැයි මතයක් ගොඩනැගෙන අතර, තවත් මතයක් වන්නේ මෙම අනංග මූර්තිය අනෙක් මූර්ති මෙන් බිත්තියෙන් වෙන්ව නොසාදා බිත්තියට අල්ලා සෑදීමෙන් විහාරය තුළදී කාමය රාගය මෙල්ල කෙරෙන බව හැඟවීමට උත්සාහ ගත් බවයි. කෙසේ නමුත් මෙම අනංග රූපය කුමන අදහසින් මූර්තිමත් කළද තොටගමුව විහාරය අන් සියලු විහාර අතර විශේෂිත විහාරයක් කරන්නට මෙම මූර්තිය සමත්ව ඇති බවයි බොහෝ දෙනකුගේ අදහස වන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි තොටගමුව විහාරය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්වා සබඳතා ඇති බවට පැවසේ. ක්‍රි.පූ. දෙවැනි සියවසේදී සිදුවූ බව කියන සුනාමි තත්ත්වයකදී පොළෝ තලය මුහුදට බිලිවීම වළක්වා ගැනීමට තොටගමු විහාරයේ දිසා පිළිමවහන්සේ වඩාහිඳුවා ලක්බිම බේරාගත් බවට මතයක් වෙයි. ඒ බව ගිරා සංදේශයේද සඳහන් කර ඇත.

දේවානම් පියතිස්ස රජුගේ සොයුරු මහානාග කුමරු මෙම විහාරය කරවූ බවටද ජනප්‍රවාදයේ එයි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩවිසූ විහාරය මෙය නිසාම මෙරට අතිශය ප්‍රසිද්ධියක් උසුලන අතර 15 වැනි සියවස වන විට උසස් විද්‍යා පීඨයක් ලෙස පැවත ඇත. එමෙන්ම යටත් විජිත සමයේ ජරාජීර්ණ වූ විහාරය නැවත කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ප්‍රතිසංස්කරණය වූ බවද පැවසේ.

කෙසේ නමුදු දෙස් විදෙස්හි ප්‍රසිද්ධියට පත් ශ්‍රී රාහුල හිමියන් මෙන්ම උන්වහන්සේ වැඩවිසූ මෙම විහාරයද දෙස් විදෙස්හි ප්‍රසිද්ධව ඇති අතර ඊට බලපෑ තවත් සාධකයක් ලෙස මහනුවර සම්ප්‍රදායට අයත් බිතුසිතුවම්වලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ජනාධිපති ඉන්න අන්තර්වාර හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවලින් වැඩක් නෑ! ගෝඨා කියන්නේ මෝඩ තකතීරු අඥාන පුද්ගලයෙක්! (VIDEO)

Next Post

ලංකා බැංකුවෙන් පිට පිට රට තෑගි…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.