එයාර්ටෙල්හි සුවිශේෂ Freedom Packs සමඟින් 4G සේවාවන් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. එක් වරක් රීලෝඩ් කිරීමෙන්Freedom Packs මගින් ඔබට මාසයක් පුරාවට කොන්දේසි විරහිතව ප්‍රමාණවත් මෙන්ම අමතර ඩේටා සහ ඇමතුම් ප්‍රතිලාභ ලබාදෙයි. මේ සියල්ල ඔබ වෙත ගෙනඑනු ලබන්නේ එයාර්ටෙල්හි ජාත්‍යන්තර මට්ටමේ Buffering රහිත 4G ජාලයක සුපිරි අත්දැකීමක් සමගින්ය.
මෙම Freedom Pack සමගින් පාරිභෝගිකයන් සඳහා වඩාත් විනිවිදභාවයකින් යුතු, කොන්දේසි රහිත හා වැඩි ඇමතුම් ප්‍රතිලාභ සහිතව මසකට කිහිප වරක් රීලෝඩ් කිරීමේ අවශ්‍යතාව එයාර්ටෙල් ඉවත් කර ඇත.
තවද කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අන්තර්ජාල භාවිතාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මෙම නව පැකේජය පාරිභෝගිකයාගේ අවබෝධය පදනම් කරගනිමින් හඳුන්වාදී ඇති අතර නව්‍යකරණයෙන් පාරිභෝගිකයාට පහසු සේවාවන් සැලසීම යන එයාර්ටෙල්හි දර්ශනයද එමගින් විශේෂයෙන් පෙන්වා දෙයි.











