මහත් ආන්දෝලනයට ලක්ව ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සදහා ආණ්ඩුඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ .
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේම පාර්ශව කිහිපයක් දැනටමත් විරෝධය පළකර ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ .
මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අගමැතිවරයා විසින් සියලුම ආණ්ඩු පක්ෂ මැතිඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කොට ඇති බව වාර්තා වේ.










