“එයාර්ටෙල් ලංකා” දිස්ත්‍රික්ක 24ම ආවරණය කරමින් දිවයින පුරා සිය 4G ජාලය ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ සිය පසුගෙවුම් පරිශීලකයන් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම බවට පත්වෙමිනි.
මෙම වසර මුලදී ඔවුන්ගේ Freedom Unlimited පැකේජ හරහා පෙරගෙවුම් පරිශීලකයන්ට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ එයාර්ටෙල්ය.
පාරිභෝගිකයන්ට උපරිම වටිනාකමක් ලබාදෙමින් ශ්‍රී ලාංකේය ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළියක් ඇති කිරීම සමාගමේ මෙහෙයුම්හි ප්‍රධාන කොටසක් වන අතර එයාර්ටෙල්හි Freedom Unlimited පැකේජවලට එක්වූ නවතම හඳුන්වාදීම වන්නේ Unlimited 1098 පැකේජයයි. එහි මිල රු. 1,098ක් වන අතර එමගින් පසුගෙවුම් පරිශීලකයන්ට දැන් ඕනෑම ජාලයකට අසීමිත voice calls භුක්ති විඳීමට ඉඩ සලසයි. තවද ඉහළ ගුණාත්මකභාවයෙන් (full HD) යුතු වීඩියෝ, සමාජ මාධ්‍ය ජාල පහසුකම් සඳහා40GB Anytime 4G data සමග ඕනෑම ජාලයකට යැවිය හැකි SMS පහසුකම් නිසා ඔබගේ සියලුම මාසික අවශ්‍යතාවන් සපුරාලයි.
තවද එයාර්ටෙල් යනු පසුගෙවුම් පරිශීලකයන්ට ‘Data Rollover’ පහසුකම අඛණ්ඩව ලබාදෙන එකම සමාගම වන අතර එම මාසයේ භාවිතයට නොගත් data ඊළඟ මාසය දක්වා ගෙන යාමට ඉඩ සලසමින් data ඉතිරි කර ඔබගේ වියදම් ද සීමා කරයි. එමෙන්ම පරිශීලකයන්ට අසීමිත HD වීඩියෝ, සමාජ මාධ්‍ය ජාල පහසුකම් මෙන්ම නිවෙසේ සිට වැඩකිරීමට සහ download කිරීමට උපකාර වීමට 200GB දක්වා data රැස්කර ගැනීමටද හැකිය.
පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යවසායකයන්ට එකසේ ගැළපෙන එයාර්ටෙල්හි මෙම නව පැකේජය සැලසුම් කර ඇත්තේ එහි පරිශීලකයන්ට උපරිම වටිනාකමක් ලබාදීම සඳහායි. ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් voice call පහසුකම් සහ data සැපයීමට අමතරව එයාර්ටෙල්හි 1098 පැකේජය මගින් මාසික දුරකතන සේවා වියදම් අවම වශයෙන් 50%කින් අඩු කිරීමටද හැකියාව ලැබේ.











