AIA ඉන්ෂුවරන්ස් 2019 වසර සඳහා ජාත්‍යන්තර තත්ත්ව සම්මානයෙන් (IQA) පිදුම් ලද සිය විශිෂ්ට අලෙවි බලකා සාමාජිකයින් 12 දෙනා වෙත සිය උණුසුම් සුබ පැතුම් පළකර සිටියි. “LIMRA talent solutions international” සමාගම වෙතින් ප්‍රදානය කරනු ලබන මෙම සම්මානය මගින් අලෙවිකරුවන් විසින් සිදුකරන්නා වූ ව්‍යාපාරවල ප්‍රමාණය සහ ඒවායෙහි ගුණාත්මකභාවය සැලකිල්ලට ගනිමින් ඔවුන්ව සම්මානයට පාත්‍ර කරමින් දිරිමත් කරනු ලබනවා.
IQA සම්මානයෙන් පිදුම් ලද AIA වෙලත් ප්ලෑනරවරුන් වන පී.එච්. රසික සඳකැලුම් (කොළඹ ප්‍රාදේශීය කාර්යාලය 4), එච්. රංගිකා ලගන්ති (ප්‍රාදේශීය කාර්යාලය 1), කේ.ඩී. සුරංග පෙරේරා (මීගමුව ප්‍රාදේශීය කාර්යාලය 1), එම්. සරත් ජයලාල් (මහරගම ප්‍රාදේශීය කාර්යාලය), තුෂාරා මාලතී හේරත් (කොළඹ ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාලය), යූ.ඒ.එම්. සංජීවනී සෝමරත්න (මහනුවර ප්‍රාදේශීය කාර්යාලය), ඩී.එන්. හිමාලි පෙරේරා(රාගම සිටි කාර්යාලය), ඩී. රුක්ලාන්ති ගුණසේකර (හෝමාගම ප්‍රාදේශීය කාර්යාලය), එස්. රාමනායක (නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය), එච්.එම්.බී.ජී. ශෂිකා හේරත් (කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය 2), කේ.සී.එන්. ෆර්ඩිනැන්ඩො (නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය) සහ ඒ.එච්.ඕ.ඩී. ජයවීර (කොළඹ ප්‍රාදේශීය කාර්යාලය1) යන සියලු දෙනාහට සමාගම සිය සුබපැතුම් පුදකර සිටියි.
අලෙවිකරුවන් මෙම සම්මානයට සුදුසුකම් ලබනුයේ ඔවුන්ගේ අලෙවි කාර්යසාධනය මෙන්ම ඔවුන් සේවාලාභීන්හට සපයන සේවාවේ ගුණාත්මකභාවයත් සැලකීමට ගනිමින්ය. අඛණ්ඩව වසර දෙකකදී රක්ෂණ ඔප්පු 30ක් අලෙවි කිරීම, එම රක්ෂණ ඔප්පු සක්‍රීයව තබා ගැනීමේ ප්‍රතිශතය 90%ක අගයක රඳවා ගැනීම යන කරුණු මෙම සම්මානය සඳහා සුදුසුකම් ගැන්වීමේ නිර්නායකයන් වේ.