ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ නිෂ්පාදන සඳහා මෙරට එකම බලයලත් අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් විසින් නවතම මහින්ද්‍රා ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථ දෙකක් බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියට සහ රුහුණු කතරගම මහා දේවාලයට පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය.
අයිඩියල් මෝටර්ස් සමාජ සුබසාධන ව්‍යාපෘති යටතේ, අයිඩියල් මෝටර්ස් සුබසාධක සංගමය මගින් මෙම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථ පරිත්‍යාග කිරීම සංවිධානය කරනු ලැබීය. ඒ අනුව පසුගියදා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියට, ස්වර්ණමාලි චෛත්‍ය වන්දනාමාන කිරීම පිණිස පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා, අනුරාධපුර මහා විහාරයේ වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලාගේ ගමනාගමන කටයුතු සඳහා මෙන්ම රෝගී වන බැතිමතුන්ගේ උපස්ථාන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මහින්ද්‍රා ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කෙරිණි.
මීට අමතරව රුහුණු කතරගම පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන්ද අයිඩියල් මෝටර්ස් විසින් මහින්ද්‍රා ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථයක් රුහුණු කතරගම මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා වෙත බාර දෙන ලදී. එමෙන්ම කෝවිඞ්-19 වසංගතය මෙරට ව්‍යාප්තිය සිදුවූ පසුගිය මාර්තු මාසයේ අග භාගයේදී අයඩියල් මෝටර්ස් සිය සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් නොපැකිළිව සිය දායකත්වය ලබාදෙන ලදී. මෙහිදී පසුගිය මාර්තු මාසයේ අගභාගයේ අයිඩියල් මෝටර්ස් මුල්ලේරියාව නැඟෙනහිර රෝහලට අත්‍යවශ්‍යව තිබූ රෙදි සෝදන යන්ත්‍ර 2ක්, පැඩල් බඳුන් 50ක් පරිත්‍යාග කෙරිණි.











