AIA ඉන්ෂුවරන්ස්, 2021 වසරේ ලෝක කාන්තා දින සැමරුම් අතරතුර ‘අභියෝග ඔබේ තේරීම කරගන්න‘ (‘Choose to Challenge’) වැඩසටහන දියත් කරන ලදී. මේ ඔස්සේ සිය කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් පෙළක් වසර පුරාවට ක්‍රියාත්මක වීමට නියමිත අතර එමගින් ඔවුනට සෑම දිනකම සිය දක්ෂතා උපරීම අයුරින් ඉස්මතුවන සතුටුදායක දිනක් බවට පත්කර ගැනීමට අවස්ථාව සහ හැකියාව උදාවෙනු ඇත.
මෙවර ලෝක කාන්තා දිනයේදී AIA කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන් විශේෂ උත්සවයකට ආරාධනා ලබා තිබිණි. මෙහිදී සමාගමේ උන්නතිය වෙනුවෙන් ඔවුන් ලබාදෙන මිලකළ නොහැකි දායකත්වය වෙනුවෙන් කාන්තා ශ්‍රම බලකායේ එකිනෙකාට පෞද්ගලිකව ස්තුති කිරීමට සමාගම කටයුතු කරන ලදී. කාන්තා දින උත්සවය සඳහා සහභාගි වූ සෑම සාමාජිකාවකටම විශේෂයෙන් ඔවුන් එකිනෙකාට ආමන්ත්‍රණය කර සකස් කරන ලද කාර්ඩ් පතක් සමගින් තිළිණයක්ද ප්‍රදානය කෙරිණි.