දේශයේ විශ්වාසනීය රක්ෂකයා යන නාමය තවදුරටත් තහවුරු කරමින් ‘Fitch Ratings’, Insurer Financial Strength ශ්‍රේණිගත කිරීම්වල AAA(lka) යන ඉහළම මූල්‍ය වර්ගීකරණය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබෙන අතර තරගකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ යහපත් ව්‍යාපාර ව්‍යුහය, ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ අසමසම මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම යන නිර්ණායකයන් මෙම ඇගයීම සඳහා හේතු වී තිබේ.
රක්ෂණයේ පෙරගමන්කරුවා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ AAA (lka) මූල්‍ය වර්ගීකරණය හිමිකරගත් එකම රක්ෂණ ආයතනය වන අතර සිය ගනුදෙනුකරුවන්ට දිගුකාලීන රක්ෂණ වගකීම් ඉටුකිරීමේ විශිෂ්ට හැකියාව පිළිබිඹු කරමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ නව මානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ප්‍රමුඛ ව්‍යාපාර ව්‍යුහය, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයන්හී දක්වන මනා විවිධාංගීකරණයකින් යුත් සහභාගිත්වය, වෙළෙඳපළ අවශ්‍යතා මත පදනම් වූ රක්ෂණ සැලසුම් කෙරෙහි දක්වනු ලබන නිරන්තර අවධානය සහ ප්‍රශස්ත ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය රක්ෂණ ක්ෂේත්‍රය තුළ අද්විතීය ස්ථානයකට අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඔසවා තැබීමට සමත්ව ඇත.











