• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඉංග්‍රීසි අධ්‍යාපනයේ නව මානයන් බිහිකළ Oxford College of Business

December 19, 2020
in Business
Reading Time: 2 mins read
A A
ඉංග්‍රීසි අධ්‍යාපනයේ නව මානයන් බිහිකළ  Oxford College of Business
Share on WhatsAppShare on Facebook

නූතන විශ්වීය සමාජය සමඟ ගැටෙමින් තරගකාරී ජීවන රටාවකට හුරු වීමට අප සියල්ලන්ටම සිදුව තිබේ. විශේෂයෙන්ම අද ලෝකයම ව්‍යවහාර කරන ජාත්‍යන්තර භාෂාව වශයෙන් පිළිගැනෙන ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගැනීම එහිදී වඩාත් වැදගත් වේ. දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට නම් වර්තමානයේදී වඩාත් ප්‍රශස්ත ඉංග්‍රීසි භාෂා කුසලතාවක් වර්ධනය කර ගැනීම අවශ්‍ය වේ. එහිදී සිය ඉංග්‍රීසි භාෂා හැකියාව වඩාත් හොඳින් වර්ධනය කරගත හැකි පාඨමාලාවක්, ඩිප්ලෝමාවක් හෝ අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීම අභියෝගාත්මක කාර්යයකි. එකී අභියෝගය පහසුවෙන් ජය ගනිමින් තම ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගැනීම සඳහා Oxford College of Business අධ්‍යාපන ආයතනය සමඟ විශ්වාසයෙන් එකතු විය හැකිය.

Oxford College of Business අධ්‍යාපන ආයතනය 2003 වසරේ පටන් අඛණ්ඩව දහහත් වසරක් දේශීය සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා පෝෂණය කළ ආයතනයකි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කළ සිසුන්ට ප්‍රතිඵල පැමිණෙන තෙක් නිවෙසේ ගත කරන කාල සීමාව ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගැනීමට යෙදවිය හැකිය. Oxford College of Business අධ්‍යාපන ආයතනය මඟින් ඒ සඳහා අවස්ථාව උදාකර දී ඇත. එහිදී ඔක්ස්ෆර්ඞ් කොලේජ් මඟින් ක්‍රියාත්මක කරනු ලබන පූර්ණ නිමග්න ඉංග්‍රීසි කතා පුහුණුව (Total Immeresion in English) සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in English) හැදෑරීමේ අවස්ථාව හිමිවේ. පාඨමාලා කාලය තුළදී සිසුන්ට ඉංග්‍රීසි කථනය පිළිබඳව නිපුණතාවයක් ඇති කිරීමේ අරමුණින් Communication Approach යන ඉගැන්වීම් ක්‍රමවේදය ඔස්සේ පූර්ණ නිමග්න ඉංග්‍රීසි කතා පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබයි. සවන්දීම, ලිවීම, කියවීම සහ ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී කුසලතා වර්ධනය කරනු ලබන අතර මෙම පාඨමාලාව මාස 2ක සහ මාස 3ක අධ්‍යාපන කාල සීමාවන්ට අයත් වේ.

එමෙන්ම ඉංග්‍රීසි භාෂා කුසලතාව සහිත සිය වෘත්තීය හෝ අධ්‍යාපන අවශ්‍යතා සඳහා තවදුරටත් ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන පිරිසට ඔක්ස්ෆරඞ් කොලේජ් වෙතින් ක්‍රියාත්මක ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සමඟ එකතු විය හැකිය. මෙම පාඨමාලාව මඟින් ව්‍යාපාර සන්නිවේදනය සහ ඉංග්‍රීසි සාහිත්‍ය යන විෂයන් හැදෑරීමේ අවස්ථාවද හිමිවේ. ඉංග්‍රීසි අධ්‍යාපනය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ විභාග සඳහා ශ්‍රී ලාංකික සිසුන් පුහුණු කරන කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ අනුමත ආයතන වන Oxford College of Business අධ්‍යාපන ආයතනය මගින් කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය විසින් පිරිනමන ව්‍යාපාරික ඉංග්‍රීසි පාඨමාලාව (Business English Certificate)ද පවත්වාගෙන යනු ලබයි. මෙමගින් ඉංග්‍රීසි දැනුම මෙන්ම ඔක්ස්ෆර්ඞ් කොලේජ් මඟින් පිරිනමන සහතිකයට අමතරව ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති සහතිකයක් හිමිකර දෙයි.
පූර්ණ නිමග්න ඉංග්‍රීසි කතා පුහුණුව (Total Immersion in English) සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in English) සඳහා නව පන්ති ආරම්භය 2020 දෙසැම්බර් මස පළමුවන සතියේදී සිදුකිරීමට නියමිතය. පවතින වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව පාඨමාලා කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනීම සිදුවේ. වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකමය වශයෙන් බොහෝදෙනා පීඩාවට පත්ව සිටින බැවින් පාඨමාලා ගාස්තු සඳහාද යම් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඔක්ස්ෆර්ඞ් කොලේජ් මඟින් කටයුතු කරනු ලබයි. කොළඹ ආශ්‍රිත ප්‍රදේශයක පිහිටි අධ්‍යාපන ආයතනයක් වන බැවින් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදේශයන් නිසි ක්‍රමවේදයන් මත ක්‍රියාත්මක කිරීමට ඔක්ස්ෆර්ඞ් කොලේජ් ආයතනය කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කර සිටී. තාක්ෂණය, සන්නිවේදනය, භාෂාව ආදී සෑම ක්ෂේත්‍රයම පාහේ අඛණ්ඩව වර්ධනය වන මෙවැනි කාල වකවානුවක ඉංග්‍රීසි භාෂා හැකියාව අත්‍යවශ්‍ය සමාජයීය සුදුසුකමකි. එසේ නම් ඉංග්‍රීසි භාෂාවෙහි නව මානයන් සොයා යන්නට සිය අධ්‍යාපන ආයතනය සමඟ එකතු වන ලෙස Oxford College of Business අධ්‍යාපන ආයතනය ඔබට විවෘතව ආරාධනා කර සිටී.

වැඩි විස්තර සඳහා අමතන්න 0114718711-2

SendShareShare
Previous Post

AAA(lka) හිමි කරගත් එකම රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්

Next Post

නාසය කවාකාර නම් තත්ත්වය බරපතළයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.