ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, මාතර දිස්ත්‍රික් රෝහල වෙත PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය. රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව වැඩිකරමින්, රටේ ජනතාව COVID-19 රෝගයෙන් ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයේ තවත් අදියරක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. රු. මිලියන 5.7කට අධික වටිනාකමකින් යුත් මෙම යන්ත්‍රය පරිත්‍යාග කරන ලද්දේ, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් SLT-MOBITEL ‘සබැඳියාවේ සත්කාරය’ සමාජ වගකීම් ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි. SLT-MOBITEL මෙම යන්ත්‍රය මාතර දිස්ත්‍රික් රෝහල වෙත භාරදුන් අතර එම අවස්ථාවට SLT-MOBITEL සමූහයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද එක්වූහ.











